සුපිරි ඕවරයකින් අවසන් වුණු සුපිරි ගැටුම!

Arun Jaitley Stadium හි පැවති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය අතිශයින් උද්වේගකර තරගයක් වුනා. කණ්ඩායම් දෙකම ලකුනු 188 ක් ලබ ගැනීමෙන් පසුව තරගයේ ජය තීරණය කිරීම සදහා සුපිරි ඕවරය දක්වා යාමට විනිසුරුවරුන් කටයුතු කලා.

රාජස්ථාන් රෝයල්ස් පිල අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබා ගත්තේ කඩුළු හයක් ඉතිරිව තිබියදීයී. මයිකල් ස්ටාර්ක්ගේ අති දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු ලබා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වී සිටි Dhruv Jurel ට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුව සදහා ලබා ගැනීමට ඉතිරි වී තිබුණේ ලකුණු දෙකක් පමණයි. නමුත් එය ලබා ගැනීමට අසමත් වීමත් සමග ලකුණු සම තත්වයට පත් වීමෙන් පසුව සුපිරි ඕවරය දක්වා යාමට සිදු වුණා.

රාජස්ථාන් පිල සුපිරි ඕවරය සදහා තමන්ගේ කණ්ඩායමෙන් රියාන් පරාග් සහ යශෂ්වි ජයිස්වාල් තෝරා ගත් නමුත් ඔවුන්ට පන්දු පහකදී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 11 ක් පමණයි.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට තිබුනේ ලකුණු 12 ක් පමණයි. පන්දු හතරක් තුලදී ඉතා පහසුවෙන් එම ඉලක්කය ජයගත් දිල්ලි පිලේ ට්‍රිස්ටන් ස්ටබ්ස් විශිෂ්ඨ හයේ පහරක් සමග තරගය නිමා කලා.

ඒ අනුව තරගයේ වීරයා බවට ස්ටබ්ස් පත් වූ අතර පන්දුවට පහර දීමේදීත් පන්දු 18 ක් තුල ලකුණු 34 ක් රැස් කර ගැනීමට ඔහු සමත් වුනා. ඔහුගේ එම ලකුණු ප්‍රමාණයත් සමගින් තුන් වන ඕවරය වන විට දිල්ලි පිල ලකුණු 42 ක් ලබා සිටියා.

රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් පන්දු යැවූ සන්දීප් ශර්මා වයිඩ් පන්දුවක් සහ නිපන්දුවක් සහිත ඕවරයක් යැවූ අතර එහිදී දිල්ලි පිල ලකුණු 19 ක් රැස් කර ගැනීමට සමත් වුනා. එමෙන්ම තරගය තුලදී මහීෂ් තීක්ෂණ අතින් ගිලිහි ගිය ඉතා පහසු උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුනා. එහෙමන්ම ස්ටබ්ස් ට දෙවන අවස්ථාවක් ලබා දෙමින් රියාන් පරාග් අත් හැර දැමූ උඩ පන්දුව තරගයේ ජය, දිල්ලි පිලට ලැබීමට ප්‍රබලතම හේතුව වුනා.

එමෙන්ම රාජස්ථාන් පිල සුපිරි ඕවරය වෙනුවෙන් තොරාගත් පිතිකරුවන් දෙදෙනා පිලිබදවද බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබෙනවා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *