එම් එස් දෝනි, නැවතත් දක්ෂතා අතරට!

ඊයේ (13 වෙනිදා) චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු පහක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් වුනා.

අයි පී එල් තරගාවලියේ මුල සිටම දැවැන්ත පරාජයන් පහක්ම ලබා සිටි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරාජයන් පහක් ලබා ගෙන සිටි අතර ඔවුන් ඔවුන්ගේ හය වන පරාජය ලබා ගැනීමට නියමිතව සිටින බව බොහෝ දෙනෙක් ඊයේ විශ්වාස කලා. ඔවුන්ට ඔවුන්ගේ අවසන් ඕවර පහ තුලදී ලකුණු 56 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර එම මොහොතේ පිටියට පැමිණි දෝනි, ශිවම් ඩුබේ ගේ සහයත් සමගින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වුනා.

පන්දු 11 ක් තුලදී ලකුණු 26 ක් ලබා ගැනීමට දෝනි සමත් වූ අතර ඩුබේ පන්දු 27 කදී ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව මෙම ජයග්‍රහණය සැලකුනේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අයි පී එල් තරගාවලිය තුල ලබා ගත් දෙවන ජයග්‍රහණය ලෙසයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ රිශාබ් පෑන්ට් පන්දු 49 කදී ලකුණු 63 ක් ලබා ගත් අතර ඔහු ඒ ලබා ගත්තේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් පලමු අර්ධ ශතකයයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තමන්ගේ ඕවර විස්ස අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත් අතර ඔවුන් ඒ ලබා ගත්තේ මෙම තරගාවලියේ ලබා ගත් අඩුම ලකුණු සංඛයවයි. පෑන්ට් ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කලත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් අති දක්ෂ පන්දු යැවීමක නිරත වුන රවීන්ද්‍ර ජඩේජා සහ නූර් අහමඩ් ලක්නව් පිතිකරණ ඉනිම අඩපණ කරවීමට සමත් වුනා.

19න් පහල ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කල දක්ෂ පිතිකරුවෙක් වුණු ශයික් රශීඩ් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් මුල් වරට තරග කල අතර ඔහු එහිදී පන්දු 19 කට ලකුණු 27 ක් ලබා ගත්තා. ඔහු සහ රචින් රවීන්ද්‍රා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් හොද ආරම්භයක් ලබා දුන් අතර පලමු ඕවර හතර තුලදී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් ඉන්පසුව ලක්නව් කණ්ඩායමේ දග පන්දු යවන්නන් ක්‍රියාත්මක වූ අතර රවී බිශ්නෝයි, දිග්වේෂ් රති සහ ඒඩන් මැක්‍රම් චෙන්නායි කන්ඩායමේ පිතිකරණය මන්දගාමී කල අතර දෝනි පන්දුවට පහර දීමට පැමිණියේ 16 වන ඕවරයේදීයී. ඒ වන විට චෙන්නායි පිලට ජයග්‍රහණය වෙනුවෙන් විශාල ලකුණු සංඛයාවක් අවශ්‍ය වූ අතර කෙසේ හෝ තමන්ගේ අත් දැකීම් සහ දක්ෂතාවය උපයෝගී කරගත් දෝනි, ඩුබේ සමග එක්ව අති දක්ෂ ඉනිමක් ක්‍රීඩා කරමින් තමන්ගේ පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

ඒ අනුව තරගයේ වීරයා ලෙස නම් කෙරුණේත් තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය එම් එස් දෝනියි.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *