Yuzvendra chahal ගෙන් සුපිරි පන්දු යැවීමක්.

පසුගිය වසරේදී පන්ජාබ් කින්ග්ස් කන්ඩායම අයි පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් සිදු කල වැඩිම ලකුණු හඹා යාම සිදු කර කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කල අතර මෙම වසරේදී ඔවුන් එම කණ්ඩායම පරාජය කලේ අයි පී එල් ඉතිසාහයේ ඔවුන් ලබා ගත් අඩුම ලකුණු සංඛයාව වාර්තා කර තිබූ පසුබිමකදීයී. මෙම තරගයේදී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම රැස් කරගත්තේ ලකුණු 111 ක් වූවත් ලකුණු 95 කට කල්කටා පිල දවා ගැනීමට ඔවුන් සමත් වුනා.

කල්කටා කණ්ඩායම විකට් දෙකක් පමණක් දැවී ලකුණු 62 ක් ලබා සිටි මොහොතේ ඔවුන්ගේ ජයග්‍රහණය නියත බව බොහ්හෝ දෙනෙක් විස්වාස කලා.නමුත් කල්කටා පිල සුණු විසුණු කර දැමූ Yuzvendra chahal, කල්කටා පිලේ Arshdeep Singh සහ Marco Jansen දවා ගැනීමට සමත් වුනා.

පිතිකරුවන්ට වඩාත් සුදුසු තණ තිල්ලේ මුලින් පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම කිසිවෙක් නොදැවී පන්දු 19 ක් තුල ලකුණු 39 ක් ලබා සිටියත් ඊලග පන්දු 17 තුල ඔවුන්ගේ කඩුළු හතරක් දැවී ගොස් තිබුනා. ඒ අනුව ඔවුන්ගේ අවසන් කඩුළු හය දැවී ගියේ ලකුණු 37 ක් තුලදීයී.

මන්දගාමී ආරම්භයක් ලබා ගත් කල්කටා පිල පලමු ඕවර 1.2 තුලදී කඩුළු දෙකක් දැවී ලකුණු 7 ක් ලබා සිටි අතර කෙසේ වෙතත් ඉන්පසුව ඊලග පන්දු 387 තුලදි ලකුණු 55 ක් රැස් කර ගැනීමට සමත් වුනා. නමුත් chahal ලග ඕවර පහ තුල විකට් හයක් ලබා ගැනීමට ඔවු සමත් වූ අතර පන්ජාබ් පිල ජයග්‍රහනය වෙත ගෙන ගිය නියමුවා බවට පත් වුනා.

කෙසේ වෙතත් කිසිවෙකුත් බලා පොරොත්තු නොවූ මෙම සුවිශිෂ්ඨ ජයග්‍රහණයත් සමගින් මේ වන විට පන්ජාබ් කින්ග්ස් පිල තරග පුවරුවේ පලමු හතර දෙනා අතර රැදී සිටිනවා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *