ලාහෝර් කලන්ඩාර්ස් පිල සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල අතර ඊයේ දිනයේ (13) පැවති තරගයෙන් ලකුණු 79ක ජයක් ලබා ගැනීමට ලාහෝර් කැලන්ඩාර්ස් පිල සමත් වුනා. මුලින්ම පන්දුවට පහර දුන් ඔවුන් කඩුළු හයක් දැවී ලකුණු 219 ක් ලබා ගත් අතර එම ලකුණු සංඛ්‍යාවට වැඩිම දායකත්වයක් ලබා දුන්නේ පන්දු 39 කදී ලකුණු 67 ක් ලබා ගත් ෆකාර් සමන් වන අතර ඔහු ග්ලැඩියේටර්ස් පිලේ පන්දු වලට නොබියව මුහුණ දුන්නා. ඉනිම අවසානයේ ඉතා හොදින් ක්‍රීඩා කල සෑම් බිලින්ග්ස් නොදැවී පන්දු 19 ක් තුල ලකුණු 50 ක් රැස් කිරීමටද සමත් වුනා.
ලකුණු 220 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ලාහෝර් කණ්ඩායමට හොද ආරම්භයක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ. පලමු ඕවර තුන තුලදීම ලකුණු 10 කට කඩුළු තුනක් දැවී යාමෙන් පසුව ඔවුන් දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නා. කෙසේ වෙතත් ඉන්පසුව පිටියට පිවිසි Rilee Rossouw සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක සබදතාවයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. නමුත් ලබා ගත යුතු ලකූනු වේගය පවත්වාගැනීමට නොහැකි වීම සහ තරග පීඩනය නිසා ඔවුන් දෙදෙනාත් දැවී ගිය අතර ඉන්පසුව ඊලග කඩුලු පහම ලකුණු 25 ක් තුල දැවී ගියා. ලාහෝර් කණ්ඩායමේ රිශාඩ් හුසේන් ලකුණු 31 ක් තුලදී කඩුළු තුනක් ලබා ගත් අතර ශහීන් අෆ්‍රිඩී ද අති දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.
ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩාමය සමග පැවැත්වුණු තරගයෙන් ක්ලන්ඩර්ස් කණ්ඩායම දරුණු පරාජයක් අත් පත් කරගත් අතර ඔවුන් එයට ප්‍රතිචාරයක් ලෙස මෙම තරගය විශිෂ්ඨ අන්දමින් ජය ගැනීමට සමත් වුනා. කලන්ඩර්ස් කණ්ඩායමේ පිතිකරුවන් ඉතා හොදින් පන්දුවට පහර දුන් අතර ඔවුන් බොහෝ දෙනෙක් strike rate අගය 170 ට වඩා වැඩි අගයක පවත්වාගෙන යාම බොහො දෙනෙකුගේ අවධානයට ලක් වුනා.