2025 පකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල සහ මුල්තාන් සුල්තාන්ස් පිල අතර පැවති තරගයේදී කාසියේ වාසිය දිනා ගත් මුල්තාන් පිල මුලින්ම පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව ඉස්ලාමාබාද් පිල පන්දුවට පහර දීම සදහා පිටියට පැමිණි අතර තරගය ආරම්භයේදීම මුල්තාන් පිල ඉතා හොද පන්දු යැවීමක නිරත වුනා. නමුත් ඉන්පසුව පන්දුවට පහර දුන් සහීබ්සාදා ෆර්හාන් ඉතා හොද පිතිකරණයක නිරත වූ අතර මීට පෙර තරගයේදී ශතකයක් ලබා ගත් ඔහු මෙහිදී ලකුණු 53 ක් වාර්තා කරගනිමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.
මුල්තාන් පිලේ ඇන්ඩ්‍රීස් ගවුස් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර ඉන්පසුව පන්දුවට පහර දීමට පැමිණි කොලින් මුන්රෝ පන්දු 25 ක් තුලදී ලකුණු 48 ක් ලබා ගත් අතර නමුත් ඉන්පසුව ඉස්ලාමාබාද් පිලට වේගයෙන් කඩුළු අහිමි වෙන්නට පටන් ගත්තා. ශදාබ් ඛාන් සහ අසාම් ඛාන් පිලිවෙලින් දැවී ගිය අතර ඔවුන් දෙදෙනාම දැවී ගියේ ක්‍රිස් ජෝර්දාන්ගේ පන්දු හමුවේයි.
මුන්රෝ ගේ දැවී යාමත් සමග බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු අවසන් වී ගියත් ඉනිම අවසානයේ පිටියට පැමිණි හේඩර් අලි සහ ජේසන් හෝල්ඩර් ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අතර ඔවුන් දෙදෙනා එක්ව අවසන් ඕවර හතර සදහා ලකුණු 64 ක් රැස් කර ගැනීමට සමත් වුනා. ඒ අනුව තරගය අවසන් වන විට කඩුළු හයක් දැවී ලකුණු ප්‍රමණය 202 දක්වා ඉහල නංවා ගැනීමට ඔවුන්ට හැකි වුනා. මෙය සැලකුනේ ඔවුන් ලකුණු 200 ට වඩා ලබා ගත් දෙවන අවස්ථාව ලෙසයි.
ඉන්පසුව මෙම ඉලක්කය හඹා යාම වෙනුවෙන් පීටියට පැමිණි මුල්තාන් සුල්තාන්ස් පිලේ පලමු කඩුල්ල නසීම් ශාහ් පලමු ඕවරයේදීම ශායි හෝප් ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. නමුත් ඊලග ඕවරය තුලදී නසීම්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ මුල්තාන් පිල ලකුණු 17 ක් රැස් කරගත්තා. එහිදී උස්මාන් ඛාන් හයේ පහර දෙකක් එල්ල කල අතර ඔහු පන්දු 20 ක් තුලදී ලකුණු 31 ක් ලබා ගත්තා.
ඉන්පසුව තරගයේ පාලනය තමන්ගේ අතට ගත් ඉස්ලාමාබාද් පිලේ ශබාද් ඛාන් සහ ඉමාද් වසීම් ඉතා හොද පන්දු යැවීමක නිරත වූ අතර ඊලග ඕවර 6 තුලදී මුල්තාන් පිල ලබා ගත්තේ ලකුණු 29 ක් පමණයි. ලකුනු ලබා ගැනීමේ උවමනාව නිසාම විශාල පහර වලට යාමට උත්සාහ කල මොහොමඩ් රිස්වාන් ඉතා ඉක්මනින් දැවී ගිය අතර මයිකල් බ්‍රේස්වෙල් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු රැස් කිරීමට උත්සාහ කලත් ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ. ඉන්පසුව ඩේවිඩ් විලී ගේ දැවී යාමත් සමග මුල්තාන් පිලේ අවසන් බාලපොරොත්තුවත් අහිමි වී ගිය අතර කඩුළු හතරක් දවා ගත් ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා බවට පත් වුනා.
ඒ අනුව අවසානයේදී ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල ලකුණු 47 කින් තමන්ගේ තරගය ජයගත් අතර ඔවුන් මේ තරගාවලිය පුරාම මේ වන තුරු තවමත් තරගයක් පරාජය වී නැහැ. මුල්තාන් සුල්තාන්ස් පිලට තවමත් මෙම තරගාවලිය තුලදී එකදු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.