වැන්කඩේ ක්‍රීඩාංගනයේ ඊයේ දිනයේදී (17 වෙනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල (MI) සහ සන් රයිසස් හයිද්‍රාබාද් පිල (SRH) අතර පැවති අතිශයින් තියුණු තරගයෙන් පසුව, මුම්බායි ඉන්දියන්ස් පිල ජයගැනීමට සමත් වුනා. සන් රයිසස් පිල ලබා ගත් ලකුණු 162 හඹා ගිය මුම්බායි පිල පන්දු 11 ක් ඉතිරිව තිබියදී මෙම ජයග්‍රහණය වාර්තා කලා. ඒ අනුව එම ජයග්‍රහණය වාර්තා වුනේ ඔවුන් මෙම තරගාවලිය තුල ලබා ගත් තුන් වන ජයග්‍රහණය ලෙසයි. තරගය පැවැත්වුණු වැන්කඩේ ක්‍රීඩාංගනයේ තණ තිල්ල පිතිකරණයට තරමක් අපහසු වූ නිසා මුම්බායි පිල පන්දු යැවීම මුලින් තෝරා ගත්තා.
ඔවුන්ගේ තේරීම වඩා හොද තීරණයක් බව පසක් කරමින් මුම්බායි පිල ඉතා හොද පන්දු යැවීමක නිරත වුනා.
පන්දුවට පහර දීමට පැමිණි සන් රයිසස් පිලේ ආරම්භක පිතිකරුවන් වුණු අභිෂේක් ශර්මා සහ ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාම ලකුණු 59 ක ආරම්භක සබදතාවයක් ගොඩ නගා ගත් අතර අභිෂේක් පන්දු 27 කදී ලකුණු 40 ක් ශර හෙඩ් පන්දු 29 කදී ලකුණු 28 ක් ලබා ගත්තා.
පිතිකරණයෙන් දක්ෂතා දැක් වූ විල් ජැක්ස් මෙම තරගය තුලදී පන්දුවෙන් ඉතා හොද දස්කම් දැක් වූ අතර ඔහු තුන් වන ඕවරයේදී ලකුණු 14 කට එම මොහොතේ අත්‍යාවශ්‍යව තිබූ කඩුළු දෙකක් දවා ගත්තා. සන්රයිසස් පිල 8 වන සහ 15 වන ඕවරය තුලදී ඉතා අඩු ලකුනු සංඛයාවක් ලබා ගත් අතර නිතිෂ් කුමාර් රෙඩ්ඩි සහ ක්ලාසෙන් පන්දු 33 කදී ලකුණු 31 ක සබදතාවයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා.
ඉන්පසුව අවසන් ඕවර කිහිපය තුලදී ක්ලාසෙන්, අන්කිත් වර්මා සහ පැට් කමින්ස් යම් ලකුණු සංඛයාවක් ලබා ගැනීමට සමත් වූ නමුත් බූම්රා ගේ 19 වන ඕවරය තුල ඔවුන්ට ලබා ගැනීම්ට හැකි වුනේ ලකුණු 4 ක් පමණයි. ඒ අනුව සන්රයිසස් පිල ලකුණු 162 කට සීමා වුනා.
ලකුණු 163 ක ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් පිලේ රෝහිත් ශර්මා ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර හයේ පහර කිහිපයක්ද එල්ල කලා. රිකල්ටන්ද ඉතා දක්ෂ පහර කිහිපයක් එල්ල කල නමුත් හර්ශාල් පටෙල් ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.
ඉන්පසුව පිටියට පිවිසි විල් ජැක්ස් සහ සූර්යකුමාර් යාදෙව් ඉතා හොදින් ක්‍රීඩා කරමින් පන්දු 29 ක් තුලදී ලකුණු 52 ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණයත් සමග ඔවුන්ට තමන්ගේ ඉලක්කය වෙත ලගා වීම තවත් පහසු වුනා.
කමින්ස්ගේ පන්දුවක් හමුවේ සූර්යකුමාර් දැවී යාමෙන් පසුව මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 42 ක් අවශ්‍යව පැවතුනා. ඉන්පසුව පන්දුවට පහර දීමට පැමිණි හාර්දික් පාන්ඩ්‍යා හයේ පහරක් සහ හතරේ පහර තුනක් එල්ල කල අතර 18 වන ඕවරයේදී එෂාන් මාලිංග එක් ලකුණක් තුලදී විකට් දෙකක් දවා ගැනීමට සමත් වුනා. නමුත් එය බාධාවක් කර නොගත් සන්රයිසස් පිල 19 වන ඕවරය තුලදී ලකුණු 162 ඉලක්කය හබා යමින් තරගය ජය ගැනීමට සමත් වුනා.