ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිළ තව දුරටත් පසු බසී!

කරච්චි කින්ග්ස් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් අතර ඊයේ එනම් 18 වෙනිදා පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන්නේ කරච්චි කින්ග්ස් කණ්ඩායමයි. එහිදී පිතිකරණයෙන් ඉතා හොද දක්ෂතා දැක් වූ ජේම්ස් වින්ස්, පන්දු 47 ක් තුලදී ලකුණු 70 ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝර්නර් සහ ටිම් සෙෆර්ට් කරච්චි පිල වෙනුවෙන් ඉතා හොද ආරම්භයක් ලබා ගත්තා.

නමුත් ඉන්පසුව ඔවුන්ගේ පිලේ කඩුළු කිහිපයක්ම වේගයෙන් දැවී ගියා. අබ්‍රාර් අහමඩ් ගේ පන්දුවක් හමුවේ වෝර්නර් දැවී ගිය අතර සෞද් ශකිල්ගේ පන්දුවක් හමුවේ ටිම් දැවී ගියා.  ඒ අනුව ඕවර 14 ක් අවසානයේ කරච්චි පිල කඩුළු හතරක් දැවී ලකුනු 108 ක් ලබා සිටියා.

මැද භාගයේ ඕවර තුලදී විකට් කිහිපයක් දැවී ගියත් වින්ස් සහ මොහොමඩ් නබි, තරගය අවසානය වෙන තුරුම රැදී සිටිමින් අවසන් ඕවර හය සදහා ලකුණු 67 ක් ලබා ගත්තා. විශේෂයෙන්ම ඔවුන් ෆහීම් අස්‍රෆ් ගේ දුර්වල පන්දු යැවීම හමුවේ වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරගත් අතර අවසානයේ කරච්චි පිල ලකුණු 175 ක් රැස් කර ගැනීමට සමත් වුනා.

ක්වෙට්ටා පිල පිතිකරණය සදහා පිටියට පැමිණීමෙන් පසුව ඔවුන්ගේ කඩුළු කිහිපයක් වේගයෙන් බිදි ගිය අතර මිර් හම්සා සහ හසන් අලි කඩුළු කිහිපයක්ම ලබා ගැනීමට සමත් වුනා. ෆින් ඇලන් හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනත් ඔහු ඉන්පසුව දැවී ගිය අතර හසාන් නවාස් ද ඉතා ඉක්මනින් දැ වී ගියා. ඒ අනුව ක්වෙට්ටා පිල ඉනිමේ භාගයක් පමණ ගත වෙද්දී කඩුළු හයක් දැවී ලකුණු 53 කට පමණක් සීමා වුනා.

මොහොමඩ් නබී ගේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු තමන් පන්දු යැවූ හතරවන ඕවරය තුලදී ලකුණු 7 ක් පමණක් ලබා දෙමින් විකට් දෙකක් ලබා ගැනීමට සමත් වුනා. දක්ෂ පිතිකරුවන් වුණු රිලී රොසෝව් පවා ඔහුගේ පන්දු හමුවේ අභියෝගයට ලක් වූ අතර මේ නිසා ක්වෙට්ටා පිල දැඩි අපහසුතාවයකට පත් වුනා.

ක්වෙට්ටා පිලේ නායක සෞද් සඛීල් පිටියේ රැදි සීටි නමුත් ඔහුට ඒ තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට හැකි වුනේ නැහැ. මේ අතරේ මොහොමඩ් අමීර් පන්දු 16 ක් තුලදී ලකුණු 30 ක් ලබ ගැනීමට සමත් වුනා. නමුත් ඔහුගේ මේ ලකුණු ප්‍රමාණය ප්‍රමානවත් නොවුණු අතර ක්වෙට්ටා පිලේ ඉනිම ලකුණු 119 කට සීමා වුනා. ඒ අනුව ඔවුන් ලකුණු 56 කින් පරාජය වූ අතර මෙම පරාජයත් සමගින් ක්වෙට්ටා පිල තව දුරටත් පසු බැසීමකට ලක් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *