Karun Nair ගෙන් අදහාගත නොහැකි විශිෂ්ඨ ඉනිමක්!

මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර ඊයේ (13 වෙනිදා) පැවති තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වුනා. බොහෝ දෙනෙක් ඔවුන්ට තරගය ජය ගැනීමට අසීරු බව මුලදී අනුමාන කලත් අවසානයේ ජය ගත්තේ මුම්බායි ඉන්දියන්ස් පිලයි.

මුම්බායි ඉන්දියන්ස් පිල තමන්ගේ ඕවර 20 අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 205 ක් රැස් කරගත් අතර එහිදී තිලක් වර්මා ලකුණු 59 ක් ලබා ගත් අතර Rickelton  ඔහුට සහයෝගය දක්වමින් ලකුණු 41 ක් ලබා ගත්තා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් කුල්දීප් යාදෙව් ඉතා හොද පන්දු යැවීමක නිරත වුණු අතර ඔහු ලකුණු 23 කදී  විකට් දෙකක් ලබා ගැනීමට සමත් වුනා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Jake Fraser-McGurk  පලමු පන්දුවෙන්ම දැවී යාමත් සමග දිල්ලි කැප්ටල්ස් කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත් වුනා. කෙසේ හෝ අයි පීල් ඉතිහාසයේ එකදු අර්ධ ශතකයක් හෝ ල්බා ගෙන නොසිටි Karun Nair ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40 කදී ලකුණු 89 ක් ලබා ගත්තේ විශිෂ්ඨ හයේ සහ හතරේ පහර කිහිපයක් සමගයි. Jasprit Bumrah ගේ පන්දු වලට ඉතා හොදින් මුහුණ දුන් ඔහු ඔහුගේ පන්දු 9 කදී ලකුණු 28 ක් රැස් කරගත්තා. ඔහුගේ මෙම ඉනිමත් සමග දිල්ලි කැපිටල්ස් පිලේ ලකුනු ඉලක්කය සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණු අතර බොහෝ දෙනෙක් විශ්වාස කලේ දිල්ලි කැපිටල්ස් පිල මෙම තරගය ජයග්‍රහණය කරනු ඇති බවටයි.

කෙසේ හෝ ජයග්‍රහණය, දිල්ලි කැපිටල්ස් පිලේ පේන මානයේ තිබියදී ක්‍රියාත්මක වුණු මුම්බායි ඉන්දියන්ස් පිලේ Karn Sharma අව්ශ්‍යම මොහොතේ අවශ්‍යම විකට් තුනක් ලබා ගත් අතර ඒ සමගින් දිල්ලි කැපිටල්ස් පිලේ පිතිකරණ ඉනිම බිද වැටෙන්න පටන් ගත්තා.

ඉන්පසුව දිගින් දිගටම ක්‍රියාතමක වුණු මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අතර අවසානයේ ලකුණු 12 කින් තරගය ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වුනා.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමගින් 2025 අයි පී එල් තරගාවලියේ එකදු තරගයක් හෝ පරාජය නොවී සිටි මුම්බායි ඉන්දියස් පිල පරාජය වූ අතර මෙම ජයග්‍රහණය සමගින් තමන් සහභාගී වූ තරගය හයෙන් දෙකක් ජය ගැනීමට මුම්බායි ඉන්දියස් පිල සමත් වුනා.  

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *