2024 IPL තරගාවලියේ විශිෂ්ඨ පිතිකරණය නිසාම සුවිශේෂී නමක් දිනා ගන්නට සන් රයිසස් හයිද්‍රාබාද්(SRH) කණ්ඩායම සමත් වුනා. 2025 IPL තරගාවලියේ තමන්ගේ පළමු තරගයේදීම ඉෂාන් කිෂාන් ගේ අති විශිෂ්ඨ ශතකයත් සමගින් ඔවුන් IPL තරගාවලියක ලකුණු 300 ඉක්මවා යන පළමු කණ්ඩායම බවට පත් වේවී යැයි බොහෝ දෙනෙක් මත පල කලා. කෙසේ හෝ එම වාර්තාව අභියසටම පැමිණිනෙන්නට ඊයේ දිනයේදී ඔවුන් සමත් වුනා.
ඉෂාන් කිෂාන්, ට්‍රාවිස් හෙඩ් සහ අභිෂේක් ශර්මාගේ පිතිකරණයත් සමගින් ඔවුන්ගේ කණ්ඩායමේ මුළු ලකුණු පුවරුව ලකුණු 286 ක් බවට පත් වූ අතර ඔවුන්ගේම ලකුණු 300 වාර්තාව ඉක්මවා යාමට අවශ්‍ය වුනේ තවත් ල්කුණු 14 ක් පමණයි.
ඉෂාන් කිෂාන් ඊයේ දිනයේදී අංක තුන ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කලේ රාහුල් ත්‍රීපති වෙනුවෙන් වන අතර බොහෝ දෙනා මත පල කල පරිදිම ඔහු ඒ වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වුනා. පන්දු 47 කදී ලකුණු 160 ක් රැස් කල ඔහු ඒ රැස් කලේ IPL තරගාවලියකදී ලබා ගත් පලමු ශතකයයි. ඉෂාන් පිටියට පැමිණීමටත් පෙර හෙඩ් සහ අභිෂේක් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඉතා හොද ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් ඕවර් හයකදී ලකුණු 94 ක් ඒ වන විටත් ලබා සිටියා. මෙය සැලකෙන්නේ IPL ඉතිහාසයේ වාර්තා වුණු ඉතා හොද පවර් ප්ලේ ලකුණු එකතුවක් ලෙසයි.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම (RR), තමන් ඉදිරියේ තිබෙන විශාල ලකුණු ඉලක්කය හඹා යාමට උත්සාහ කලත් ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ. දෲව් ජුරෙල් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර තවත් කැපී පෙනන් දක්ෂතාවයක් දැක් වූයේ සාර්ථක පහර කිහිපයක්ම එල්ල කිරීමට සමත් වුණු ශිම්‍රන් හෙට්මයර් පමණයි. මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 528 ක් ලබා ගැනීමට ස්මාත් වූ අතර එය වාර්තා වන්නේ IPL ඉතිහාසයේ වාර්තා වුණු දෙවන වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසයි.
කෙසේ වෙතත් බොහෝ දෙනෙක්ගේ මතකයට අනුව ඊයේ දිනයේදී හයිද්‍රාබාද් පිටියේ තණ තිල්ල පිතිකරණය සදහා වඩාත් සුදුසු වූ අතර මේ නිසාම පන්දු යවන්නන්ට ඒ තරම් දක්ෂතා දක්වන්නට හැකියාවක් ලැබුනේ නැහැ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ දිනයෙ තරගය වෙනුවෙන් වනිදු හසරංග වෙනුවට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැදවා තිබූ අතර ඕවරය ආරම්භයේදීම නිපන්දුවක් සහ වයිඩ් පන්දුවක් බැගින් පිරිනැමූ ඔහු ඉන්පසුව එල්ල කල පන්දු දෙකේදීම හතරේ සහ හයේ පහරක් එල්ල වුනා. සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආක්‍රමණශිලී පිතිකරණය ඉදිරීයේ සියලුම පන්දු යවන්නන් අසරණ වූ බව රහසක් නොවෙයි.
කෙසේ වෙතත් අවසානයේ පන්දු 19 කදී ලකුණු 45 ක් ලබා සිටි සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක සබදතාවය බිද දමමින් අභිශේෂ් දවා ගැනිමට මහේෂ් සමත් වුනා.
ඉන්පසුව පිටියට පැමිණි කිෂාන්, තමන්ගේ පලමු පන්දු 13 න් හයකටම හයේ පහර එල්ල කිරීමට සමත් වූ අතර ඔහු ජොෆ්‍රා ආකර් ගේ සහ තීක්ෂණ ගේ ස්පින් පන්දු වලට නොබියව පහර එල්ල කලා. ඒ අනුව ඔහු තමන්ගේ පලමු ඕවර හතරේදි ලකුණු 76 ක් වාර්තා කලේ IPL ඉතිහාසයේ දුර්වලම පණ්දු යැවීම වාර්තා කරමිනුයි.
කෙසේ හෝ ආබාධයකින් පසුව නැවතත් පිටියට පැමිණි තුෂාර් දේෂ්පාන්ඩේ, තමන්ගේ පලමු ඕවරයෙන්ම පන්දු 31 කදී ලකුණු 67 ක් ලබා සිටි හෙඩ් දවා ගැනීමට සමත් වුනා.
හෙඩ් ගේ දැවී යාමත් සමගම තරගයේ සම්පූර්ණ පාලනය තමන්ගේ අතට ගත් කිෂාන්, පන්දු 25 කින් අර්ධ ශතකය රැස් කල අතර පන්දු 47 ක් තුල ශතකයද රැස් කලා. තමන්ගේ ශතකය රැස් කිරීමෙන් පසුව හයිද්‍රාබාද් පිටියේ රැස් වී සිටි තමන්ගේ සියලුම රසිකයන්ට ආචාර කිරිමටත් ඔහු අමතක කලේ නැහැ.