රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම (RR) සහ පන්ජාබ් කින්ග්ස් (PBKS) කණ්ඩායම අතර පැවති තරගයේදී කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 205 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුනා. ඔවුන්ගේ මෙම ලකුණු ප්‍රමාණයට සුවිශේෂී දායකත්වයක් දැක් වූයේ ලකුණු 67 ක් ලබා ගත් යෂස්වි ජයිස්වාල් සහ නොදැවී ලකුණු 43 ක් ලබා ගත් රියාන් පරාග් යන ක්‍රීඩකයන් ද්විත්වයයි. ඒ අනුව ඔවුන් මේ ලබා ගත් ලකුණු ප්‍රමාණය Mullanpur ක්‍රීඩාංගනයේදී කණ්ඩායමක් ලකුණු 200 ඉක්මවා ලබා ගත් පලමු අවස්ථාව ලෙස ඉතිහාස ගත වුනා.
මෙම ලකුණු ඉලක්කය හබා යෑමේ අරමුණින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පිටියට පිවිසියත් ඔවුන්ට කඩුළු නවයක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 155 ක් පමණයි. මෙහිදී Nehal Wadhera ලකුණු 62 ක් ලබා ගත් අතර ග්ලේන් මැක්ස්වෙල් ලකුනු 30 ක් ලබා ගත්තා.
මෙම තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ජයිස්වාල්, ඉතා මන්දගාමී ඉනිමක් ආරම්භ කලත් ඉන්පසුව වේගවත් හයේ පහර කිහිපයක් සමගින් ලකුනු 67 ක් ලබා ගත්තා. එමෙන්ම නායක සන්ජු සැම්සන්ද ඉතා හොදින් ක්‍රීඩා කරමින් ලකුණු 38 ක් ලබා ගනිද්දී පරාග් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 200 ඉක්මවා යෑම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.
කෙසේ වෙතත් මෙම දැවැන්ත ඉලක්කය හබා යෑමේ අරමුණින් පිටියට පිවිසි පංජාබ් කින්ග්ස් කණ්ඩායමේ පිතිකරණය අතිශයින්දුර්වල වූ අතර ජොෆ්‍රා ආකර්, පලමු ඕවරය තුලදීම විකට් දෙකක් ලබා ගැනීමට සමත් වුනා. ඔහු මේ ආකරයෙන් ලබා ගත් විකට් දෙක බවට පත් වුනේ Priyansh Arya සහ Shreyas Iyer යන ක්‍රීඩකයන් දෙදෙනායි.
ඉන්පසුව පංජාබ් කින්ග්ස් කණ්ඩායමේ කඩුළු කිහිපයක්ම වේගයෙන් බිදී ගිය අතර කෙසේ හෝ මැක්ස්වෙල් සහ Wadhera තරමක් හොදින් ක්‍රීඩා කරමින් හයේ පහර කිහිපයක් වාර්තා කිරිමට සමත් වුනා. එම ක්‍රීඩා විලාශය සමග පංජාබ් කින්ග්ස් ප්‍රේක්ෂයන්ට යම් බලාපොරොත්තුවක් ඇති වුනත් රාජස්තාන රෝයල් පිලේ දග පන්දු යවන්නන් වන මහීෂ් තීක්ෂණ සහ හසරංග ඔවුන් දෙදෙනාට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඔවුන් දෙදෙනාගේම කඩුළු දවා ගත්තා.
ඉන්පසුව දිගින් දිගටම කඩුළු බිදී යාමත් සමග පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේ කඩුළු සියල්ලම දැවී ගියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පහසු ජයක් අත් පත් කර දෙමිනුයි.