නවසීලන්ත ක්‍රිකට් ලෝලීන්ට ඊයේ දිනය අතිශයින් සතුටුදායක දිනයක් බවට පත් වුනේ එම ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයට එරෙහිව පැවති තරගය 3 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. තරගය පැවැත්වීමට පෙර දිනයේ Maunganui ක්‍රීඩාංගනයට ඇද හැළුණු වර්ෂාව නිසා ක්‍රීඩාංගනය වියලෙන තුරු තරගය පැවැත්වීමට ප්‍රමාද කිරීමට තරග තීරකයන් කටයුතු කලා.
කෙසේ හෝ අවසානයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්තාන කණ්ඩායම පන්දු යැවීම තෝරා ගත්තේ තරමක් තෙත තණ තිල්ලක් සහිත ක්‍රීඩාංගනය පන්දු යැවීම සදහා පහසුවක් වනු ඇති බව තීරණය කිරීමෙනුයි.පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉතා හොද ආරම්භයක් ලබා ගත් නසීම් ශාහ්, නික් කෙලීගේ විකට්ටුව පහසුවෙන් ලබා ගත්තා. නමුත් ඉන්පසුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ Rhys Mariu සහ Henry Nicholls ඉතා හොද පිතිකරණයක නිරත වෙමින් දෙදෙනාම එක්ව ලකුණු 78 ක සමබන්ධතාවයක් ගොඩ නගා ගත්තා.
ඉන්පසුව දිගින් දිගටම තමන්ගේ ඉනිම ගොඩ නගාගත් නවසීලන්ත කණ්ඩායමේ Daryl Mitchell ලකුණු 43 ක් ලබා ගද්දී, Tim Seifert ඒ වෙනුවෙන් අගනා සහයක් ලබා දෙමින් ලකුණු රැස් කරගත්තා. එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ නායක Michael Bracewell විශිෂ්ඨ හයේ පහර 6 ක් එල්ල කරමින් ලකුණු 59 ක් ලබා ගත්තා. ඒ අනුව ඔහු ලබා ගත් ලකුණු වල එකතුවත් සමග ඕවර 42 අවසානයේ ලකුණු 264 ක් රැස් කරගැනීමට නවසීලන්ත පිල සමත් වුනා. පකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන Akif Javed කඩුළු හතරක් දවා ගැනීමටද සමත් වුනා.
මෙම ලකුණු ප්‍රමාණය හඹා යාමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි පක්ස්ථාන කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පිටියට පැමිණි ඉමාම් උල් හග් ආබාධයක් නිසා ප්‍රේක්ෂකාගාරය වෙත හැරී ගිය අටර ඉන්පසුව පිටියට පිවිසි බාබර් අසාම් ලකුණු ල්බා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වෙමින් ලකුණු 50 ක් ලබා ගත්තා.
ඒ සමගම තමන්ගේ පන්දු යැවීමේ බල ඇණිය තර කල නවසීලන්ත පිලේ Ben Sears අති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු පහක් දවා ගත්තා. එසේම Jacob Duffy ද කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයක් ලබා දීම සදහා පකිස්ථාන පිල ප්‍රබල උත්සාහයක නිරත වුනත් අවසානයේ ප්‍රබල නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ පකිස්තාන පිලේ සියලුම කඩුලු ලකුණු 221 කට දැවී ගියේ නවසීලන්ත පිලට ලකුණු 43 ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි. ඒ අනුව නවසිලන්ත පිල ඔවුන්ගේ තරගාවලිය 3 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා