සිරාජ්ට කඩුළු සියයයි!

ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ දිනයේදී පැවති තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමත් වුනා. පරාජයට පත් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තමන්ගේම පිටියකදී මෙවැනි පරාජයකට පත් වීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. මේ වන විට ඔවුන් 2025 අයි පී එල් තරගාවලියකදී තරග හතරක් පරාජය වී තිබෙනවා.

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් ට්‍රේවිස් හෙඩ් පවර්ප්ලේ ඕවර තුලදීම දැවී ගිය පසු ඔවුන් දිගින් දිගටම අසාර්ථක වෙන්නට පටන් ගත්තා. ඔවුන්ට තමන්ගේ පලමු හයේ පහර එල්ල කිරීමට හැකියාව ලැබුනේ 13 වෙනි ඕවරයේදීයී. සිරාජ් අයි පී එල් ඉතිහාසයේ දැක් වූ විශිෂ්ඨතම දක්ෂතාවය දක්වමින් සන්රයිසස් කණ්ඩායමේ සියලුම බලාපොරොත්තු සුන් කර දැමීමට සමත් වුනා.

පැට් කමින්ස් කණ්ඩායමට කුඩා හෝ බලාපොරොත්තුවක් ලබා දෙමින් පන්දු නවයක් තුල ලකුණු 22 ක් වාර්තා කල අතර ඔහු පන්දු යැවීමේදීත් දක්ෂතා දක්වමින් ජොස් බට්ලර්ව ලකුණු බින්දුවකට දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඉන්පසුව පිටියට පිවිසි වොෂින්ටන් සුන්දර් පන්දු නවයක් තුලදී ලකුණු 23 ක් ලබා ගැනීමත් සමග ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරණ ඉනිම ශක්තිමත් වෙන්නට පටන් ගත්තා.

එසේම ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ අංක හතර පිතිකරුවා ලෙස පිටියට පිවිසි වොෂින්ටන් තමන්ගේ අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී දැවීගිය නමුත් කණ්ඩායම් නායක ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 61 ක් රැස් කරමින් Sherfane Rutherford ගේ සහය ඇතිව තමන්ගේ  කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වුනා.

බොහො දෙනෙක් සදහන් කලේ මෙම තරගය සිරාජ් සහ ට්‍රේවිස් හෙඩ් අතර පැවති තරගයක් ලෙසයි. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ටෙස්ට් තරගයේදී සිරාජ්, හෙඩ් ට ප්‍රබල අභියෝගයක් එල්ල කල අතර මේ තරගයේදී හෙඩ් සිරාජ් ගේ පන්දු වලට ඉතා හොදින් මුහුණ දීමට සමත් වුනා. නමුත් ඉන්පසුව වහාම ක්‍රියාත්මක වුණු සිරාජ් තමන්ගේ සුපුරුදු දක්ෂතා දක්වමින් හෙඩ් ලකුණු අටකට දවා ගැනීමට සමත් වුනා.

එසේම ඉතා හොදින් ලකුණු රැස් කරමින් සිටි අභිෂේක් ශර්මාද සිරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ සිරාජ්  අයි පී එල් ඉතිහාසයේ ලබා ගත් 100 වෙනි කඩුල්ල ලෙසයි. බොහෝ දෙනෙක් ගේ මතයට අනුව අති දක්ෂ පන්දු යවන්නෙක් වෙන සිරාජ් පවර් ප්ලේ ඕවර වලදී ඉතා දක්ෂ ලෙස කඩුළු ලබා ගැනීමට සමත්කම් දක්වනවා. එමෙන්ම මෙම තරගයේදීත් ඔහු ඉහත සදහන් කල දක්ෂතා වලට අමතරව අනිකෙත් වර්මා දවා ගත් අතර දක්ෂ පිතිකරුවෙක් වෙන Simarjeet Singh හටත් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *