තරගය ලකුණු දෙකකින් ජය පරාජය තීරණය වුණු අතිශයින් තීරණාත්මක තරගයක් වුනා. චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මේ තරගය සමගින් සම්පූර්ණ ලකුණු පුවරුවේද සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වුනා.
2024 වසරේදී ක්‍රීඩා කල ආකාරයටම තමන්ගේ තරග රටාවට අවතීර්ණ වූ යෂ් දයාල්, එම් එස් දෝනිට සහ රවීන්ද්‍ර ජඩේජාට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වුණු අතර චෙන්නායි සුපර් කින්ග්ස් පිලට ජයග්‍රහණය සදහා අවශ්‍ය වී තිබුනේ ලකුණු 14 ක් පමණයි. පැවති තෙත් සහිත කාලගුණය නිසා පන්දුව තරමක් තෙත් සහිතව තිබූ නමුත් දයාල් ඒ කිසිවක් අභියෝගයට නොගෙන ඉතා දක්ෂ අයුරින් පන්දුව යොමු කල අතර ඔහු යැවූ තුන් වන පන්දුවෙන්ම එම් එස් දෝනි දැවී ගියා. ඉන්පසුව යැවූ පන්දුවට ජඩේජා හයේ පහරක් එල්ල කීරිමත් සමග චෙන්නායි පිලේ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහල ගිය අතර ඒ වන විට ඔවුන්ට ජයග්‍රහණය සදහා අවශ්‍ය වී තිබුනේ පන්දු තුනකදී ලකුණු හයක් පමණයි. නමුත් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක පවා නොබියව පන්දු යැවූ දයාල් පස්වන පන්දුවට ලබා දුනේ ලකුණු එකක් පමණයි. අවසන් පන්දුවට ශිවම් ඩුබේ ට හයේ හෝ හතරේ පහරක් එල්ල කිරීමට නොහැකි වීමත් සමගින් රෝයල් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිලට අමතක නොවන තියුණු ජයක් අත් වුනා.
රෝයල් චැලෙන්ජර්ස් පිල තමන්ගේ ඉනිම ඉතා ශක්තිමත් ලෙස ආරම්භ කලේ ජේකබ් බෙට්හෙල් සහ විරාත් කෝලි සමගිනුය්යි. ඔවුන් පවර් ප්ලේ ඕවර සදහා ලකුණු 71 ක් එකතු කල අතර බෙට්හෙල් ක්‍රීඩා කලේ ෆිල් සෝල්ට් ගේ අසනීප තත්වය නිසා ඔහුට ආදේශකයක් ලෙසයි. කෙසේ වෙතත් ඔහු පන්දු 28 කදි අර්ධ ශතකයක් ලබා ගත් අතර කෝලි පන්දු 29 කදී තමන්ගේ 5 වන අර්ධ ශතකය වාර්තා කලා. ඒ අනුව කෝලි දැවී ගියේ පන්දු 33 කට මුහුණ දී ලකුණු 62 ක් ලබා ගත් පසුවයි.
මෙම ශක්තිමත් ආරම්භයෙන් පසුව මැදිපෙල ඕවර වලදී ඔවුන් යම් කිසි පසුබෑමකට ලක් වුනේ 11 වන සහ 18 වන ඕවර වලදි ලකුණු 45 කට කඩුළු 4 ක් දැවී යාමත් සමගයි. නමුත් අවසන් ඕවර කිහිපය තුලදී පිටියට පැමිණි රොමාරියෝ ශෙපර්ඩ් 19 වන ඕවරයේදී කලීල් අහම්ඩ් ගේ පන්දු වලට හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමින් එක් ඕවරයක් තුල ලකුණු 33 ක් ලබා ගත්තා. ඉන්පසුව අවසන් ඕවරයේදී ඔහු මතීෂ පතිරණගේ පන්දු වලට හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් පන්දු 14ක් තුල අර්ධ ශතකයක් ලබා ගත්තා. ඒ අනුව මෙම අර්ධ ශතකය අයි පී එල් ඉතිහාසයේ වේගවත්ම ශතකයක් ලෙස හැදින්වුනා. ඒ අනුව මෙම ලකුණු ප්‍රමාණයත් සමගින් රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 213 ක ඉලක්කයක් කරා ලගා වීමට හැකි වුනා.
ඉන්පසුව මෙම ලකුණු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි චෙන්නායි සුපර් කින්ග්ස් පිලේ 17 හැවිරිදි ආයුෂ් මෙහෙත්‍රී බුවනේෂ්වර් කුමාර්ගේ එක් ඕවරයක් තුල හතරේ පහර පහක් සහ හයේ පහර එකක් එල්ල කරමින් ජඩේජා සමග අති විශිෂ්ඨ සමබ්න්ධතාවයක් ගොඩ නගා ගත්තා.
ඉනපසුව පන්දු යැවූ කෘනාල් පාන්ඩ්යා, ශයික් රශීඩ් ලකුණු 14 කට දවා ගත් අතර සෑම් කුරාන් ලකුණු පහකට දවා ගත්තා. නමුත් මෙහෙත්‍රී සහ ජඩේජා ලකුණු 114 ක් ලකුණු පුවරුවට එකතු කල අතර මෙහෙත්‍රී පන්දු 48 කදී ලකුණු 94 ක් ලබා ගෙන දැවී ගියා.
ඉන්පසුව ආක්‍රමණශිලී ලෙස ක්‍රීඩා කල ජඩේජා නොදැවී ලකුණු 77 ක් රැස් කලා. ඉන්පසුව පිටියට පිවිසි ඩෙවාල්ඩ් බ්‍රෙවිස් එල් බී ඩබ්ලිව් දැවි යාමකට අසු වූ අතර ඒ වෙනුවෙන් ඉල්ලීමක් සිදු කලත් ඔහු දැවී ගිය බව විනිසුරුවර්යා දැනුම් දුනා. ඒ සමගින් බ්‍රෙවිස් දැවී ගිය අතර ඉන්පසුව අවසන් ඕවරය තුලදී යෂ් දයාල් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු දෙකකින් තරගය පරාජය වීමට චෙන්නායි සුපර් කින්ග්ස් පිලට සිදු වුනා.