ඊයේ 5 වෙනිදා විසාඛපට්නම් ක්‍රීඩාංගනයේදී දිල්ලි කැපිටල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා.
මෙම තරගයේ ප්‍රධානම තරුව බවට පත් වුණු මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගාවලියක දැක්වූ ඉහලම දක්ෂතාවය වාර්තා කරගනිමින් ලකුණු 35 කට කඩුළු පහක් දවා ගැනීමට සමත් වුනා. සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ඉනිම ආරම්භයේදීම අභිෂේක් ශර්මාගේ දැවී යාම නිසා ඔවුන් විශාල පසු බෑමකට ලක් වූ අතර ඉන්පසුව ඉෂාන් කිශාන් සහ නිතිෂ් රෙඩ්ඩිද දැවී ගියා. ඉන්පසුව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනේ ට්‍රේවිස් හෙඩ් ගේ දැවී යාමයි. ඔහුගේ දැවි යාමත් සමගින් ලකුණු 37 කට කඩුළු හතරක් බිද වැටීමත් සමගින් සන්රයිසස් පිල දැඩි අභියෝගයකට මුහුණ දුන්නා.
කෙසේ වෙතත් ඉන්පසුව කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රීඩාංගනයට පැමිණි අන්කිත් වර්මා, පන්දු 41 කට මුහුණ දෙමින් ලකුණු 74 ක් ලබා ගත් අතර ඔහු හතරේ පහර පහක් සහ හයේ පහර හයක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු සහ හෙන්රික් ක්ලාසෙන් පන්දු 40 ක් තුල ලකුණු 40 ක් ලබා ගත් අතර ඒ සමගින් සන්රයිසස් පිල නැවතත් තරගයට අවතීර්ණ වුනා. නමුත් ක්ලාසෙන්ගේ දැවී යාමත් සමගින් නැවතත් සන්රයිසස් පිල පසුබෑමකට ලක් වුනා.
ඉතා හොදින් පන්දු යැවීමේ නිරත වුණු කුල්දීප් යාදෙව් ලකුණු 22 කට කඩුළු තුනක් දවා ගත් අතර ඔවුන්ට සන්රයිසස් පිලේ ක්‍රිඩකයන් සියලුම දෙනා පන්දු 8 ක් ඉතිරිව තිබියදී ලකුණු 163 කට දවා ගැනීමට හැකි වුනා.
ඉන්පසුව ලකුණු 164 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් පිල ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර ෆෆ් දු, පන්දු 26 කදී ලකුණු 50 ක් ලබ ගත් අතර ඔහු ෆ්‍රේසර් මාර්ක් සමග එකතු වී ලකුණු 81 ක සබදතාවයක් ගොඩ නගා ගත්තා. ඉන්පසුව ශීෂාන් අන්සාරි කඩුළු තුනක් ලබා ගත්තත්, දිල්ලි කැපිටල්ස් පිල පාලනය කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.
කේ එල් රාහුල් මොහොමඩ් ශාමි ගේ පන්දු වලට හයේ සහහතරේ පහරක් එල්ල කල අතර ඉන්පසුව පිටියට පැමිණි අභිශේක් පොරෙල් සහ ට්‍රිස්ටන් ට්‍රිබ්ස් පන්දු 28 කදී ලකුණු 51 ක් ලබා ගමිනින් ඕවර 16ක් තුල කඩුළු හතක් අතැතිව තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.