2025 IPL තරගාවලියේ ජය කාටද?

2025 IPL තරගාවලිය මේ වන විට අතිශයින් උණුසුම් තරගාවලියක් බවට පත් වී තිබෙන අතර මේ වන විට තවත් ඉතුරු වී තිබෙන්නෙ ලීග් තරග කිහිපයක් පමණයි. ඊයේ දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කින්ග්ස් අතර ධර්මසාලා පිටියේදී පැවැත්වුණු 58 වන තරගය තාක්ෂණික ආලෝක ප්‍රශ්ණයක් නිසා අත් හැර දැමීමත් සමගින් තරගාවලිය තවත් උණුසුම් වුනා.

ඒ අනුව තරග 11 – 12 කට පසුව ලකුණු පුවරුව සටහන් වුනේ පහත සදහන් ආකාරයටයි.

ශ්‍රේණියකණ්ඩායමතරග ප්‍රමාණයජයපරාජජය පැරදුමෙන් තොරලකුණු සංඛයාවNRR
1ගුජරාත් ටයිටන්ස්1183016+0.793
2‍රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු1183016+0.482
3පන්ජාබ් කින්ග්ස්1173115+0.376
4මුම්බායි ඉන්දියන්ස්1175014+1.156
5දිල්ලි කැපිටල්ස්1164113+0.362

ඒ අනුව මේ වන විට හොදම කණ්ඩායම් පහ තේරී පත් වී ඇති අතර ඉහලින්ම සිටින්නේ ගුජරාත් ටයිටන්ස් පිලයි. ඉන්පසුව රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිලත්, පංජාබ් කින්ග්ස් පිලත් රැදී සිටිනවා.

ඒ අනුව මැයි නව වෙනිදා එනම් අද දින රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු සහ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල අතර තරගය පැවැත්වෙන අතර ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට තරගයේ රැදී සිටීමට අවශ්‍ය නම් මෙම තරගය අනිවාර්‍යෙන්ම ජයග්‍රහණය කල යුතු වෙනවා. ලකුණු සටහනේ අවසානයට රැදී සිටින රාජස්ථාන් රෝයල්ස් පිල සහ චෙන්නායි සුපර් කින්ග්ස් පිල තරගයෙන් ඉවත් වීමේ ඉහල අවධානමක පසුවෙනවා

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *