ගුජරාත් ටයිටන්ස් පිල සහ මුම්බායි ඉන්දියන් පිල අතර පැවති තරගය ඊයේ දිනයේදී ප්‍රේක්ෂකයින් අතිශයින් උද්දාමයට පත් කරවූ තරගයක් බවට පත් වුනා. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුනත් කණ්ඩායම් දෙකම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක නිරත වුනා.
තරගයේ දෙවන භාගය තුල වර්ෂාව නිසා විවේක ගැන්වීම් කිහිපක්ම දකින්නට ලැබුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුජරාත් ටයිටන්ස් පිල මුලින්ම පන්දු යැවීම තෝරා ගත් අතර මොහොමඩ් සිරාජ් තමන්ගේ දෙවන පන්දුවෙන්ම රයන් රිකල්ටන් දවා ගැනීමට සමත් වුනා. එසේම අර්ෂාද් ඛාන් ලකුණු හතකට රෝහිත් ශර්මා දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ලකුණු 0 දී සහ ලකුණු 29 දී විල් ජැක්ස් දවා ගැනීමට තිබූ අවස්ථාව මෙන්ම සූර්යකුමාර් යාදෙව් ලකුණු 10 කට දවා ගැනීමට තිබුනු අවස්ථාවත් ඔවුන්ට අහිමි වී ගියා.
ඒ සමගින් ඕවර 10 ක් සහ පන්දු තුනක් අවසානයේ ලකුණු 97 ක් ලබා සිටි මුම්බායි ඉන්දියන්ස් පිල ශක්තිමත් ස්ථාවරයක රැදී සිටියා. කෙසේ හෝ අවසානයේ ආර් සායි කිශෝර්, සූර්යකුමාර් සහ හාර්දික් පාන්ඩ්යා දවා ගත් අතර ඊට පෙර රශීඩ් ඛාන් විල් ජැක්ස් ගේ විකට්ටුව ලබා ගත්තා. ප්‍රසිධ් ක්‍රිෂ්ණා සහ ජෙරාල්ඩ් කොට්සී ද කඩුළු දවා ගත් අතර රශීඩ් ගේ 18 වන ඕවරයේදී ඔහු අනෙක් පිලට ලාබ දුන්නේ ලකුණු 4 ක් පමණයි. අවසාන ඕවරයෙදී කෝර්බින් බොෂ් එල්ල කල හයේ පහර දෙකත් සමගින් ඔවුන්ගේ ඉනිම නිමා වුනා.
ඒ අනුව ලකුණු 155 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි ගුජරාත් ටයිටන්ස් පිලේ සායි සුදර්ශන්, ට්‍රෙන්ට් බෝල්ට් හමුවේ දැවී ගිය අතර ඒවන විට ලකුණු පුවරුව ඕවර පහක් තුල ලකුණු 21 ක් ලෙස සටහන් වී තිබුනා. බූම්රා සහ බෝල්ට් ඉතා හොදින් පන්දු යැවීමේ නිරත වූනා. හාර්දික් 11 වන ඕවරයේදී නෝ බෝල් දෙකක් සහ වයිඩ් පන්දු තුනක් ලබා දුන් නිසා ගුජරාත් පිලට එය තරමක වාසියක් වුනා.
මේ අතරතුරේදී කෝර්බින් බොෂ් අනතුරකට ලක් වීම නිසා ඔහු වෙනුවට අශ්වනි කුමාර් කැදවූ අතර ඔහු ඉතා හොදින් පන්දු යවමින් බට්ලර් දවා ගැනීමට සමත් වුනා.
ඉන්පසුව පිටියට පැමිණි ශෙෆේන් රදර්ෆර්ඩ් හතරේ සහ හයේ පහර කිහිපයක් සමගින් ඉතා හොද අභියෝගයක් ලබා දුන්නා.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිලේ අවසන් ඕවර දෙක පමණක් ඉතිරිව තිබූ අතර ජස්ප්‍රිත් බූම්‍රා සහ ට්‍රෙන්ට් බෝල්ට් එම ඕවර දෙක ඉතා හොදින් ක්‍රීඩා කරමින් ගිල්, ශාරුඛ් ඛාන් සහ රදර්ෆර්ඩ් දවා ගැනීමට සමත් වුනා.
අවසන් ඕවරය තුලදී පන්දු ගුජරාත් ටයිටන්ස් පිලේ රාහුල් ටෙවාටියා පලමු පන්දුවටම හතරේ පහරක් එල්ල කල අතර ඉන්පසුව ජෙරාල්ඩ් හයේ පහරක් එල්ල කලා. ඒමෙන්ම ඉන්පසුව ලැබුණු නිපන්දුවත් සමගින් තරගය ජය ගැනීමේ පහසුව මුම්බායි ඉන්දියන්ස් පිලට ලැබුණු අතර අවසානයේ මුම්බායි ඉන්දියන්ස් පිලේ දුර්වල පන්දු රැකීම නිසාම තරගයේ ජය ගුජරාත් ටයිටන්ස් පිලට හිමි වුනා.