ඉන්දියා ප්‍රීමියර් ලීග් සහ පකිස්ථාන සුපර් ලීග් තරගාවලි දෙකම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර දමයි.

ඊයේ දිනය වන තුරුම පැවැත්වෙමින් තිබුණ ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සහ පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය ආරක්ෂක හේතුන් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හැර දැමීමට බලධාරීන් කටයුතු කීරිමත් සමගම බොහොමයක් ප්‍රේක්ෂකයන් පුදුමයට සහ කනස්සලට පත් වී සිටිනවා.

මෙම තීරණයට හේතුව වී තිබෙන්නේ ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව ආරම්භ කර තිබෙන ඔපරේෂන් සින්දූර් මෙහෙයුමයි. කාෂ්මීරයේ, පකිස්ථාන සහය ලබන ත්‍රස්තවාදී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය ආරම්භ වී තිබෙනවා. මෙම ප්‍රහාරය සදහා ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මෙන්ම කෘතීම බුද්ධිය හරහා මෙහෙයවන අවි ආයුධ ද භාවිතා වෙන බව සදහන්.

මෙම යුධමය තත්වය නිසා රටවල් දෙක අතර දැඩි කලබලකාරී තත්වයක් නිර්මාණය වී තිබෙන අතර අයි පී එල් තරගාවලියේ පන්ජාබ් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර තරගය අතරතුරේදී මෙම තත්වය තවත් ගැටුම්කාරී අතට පත් වුනා. ඒ සමගින් එම තරගය වහාම ක්‍රියාතමක වන පරිදි නවත්වා දැමීමට කටයුතු කෙරුනා.

එසේම පකිස්ථානයේ පැවැත්වෙමින් තිබුණු පක්ස්ථාන සුපර් ලීග් තරගාවලියේ රාවල්පින්ඩි හී පැවැත්වීමට නියමිතව තිබූ තරගයකට පෙර ඉන්දියාවේ ඩ්‍රොන යානයක් පිටියට කඩා වැදීම නිසා තරගය නවත්වාදැමුණු අතර ඉන්පසුව තරගාවලිය ඩුබායි හී දී පැවැත්වීමටද යෝජනා වී තිබුණා. නමුත් අවසාන තීරණය වසයෙන් තරගාවලිය සම්පූර්ණයෙන්ම නවත්වා දමන බව පකිස්ථාන බලධාරීන් දැනුම් දී තිබුණා.

මෙම තීරණයත් සමගින් ප්‍රේක්ෂකයින් දැඩි කනස්සල්ලට පත් වී සිටින අතර රටවල් දෙකේම ආර්ථිකයන්ට සෘජු සහ වක්‍ර බලපෑම් එල්ල කරන මෙම තරගාවලි දෙක නවත්වා දැමීම දෙපාර්ශවයමට විශාල පාඩුවක් බවට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින් බොහොමයක් මෙම තත්වය සමථයකට පත් වී නැවතත් තරගාවලි දෙක ආරම්භ වේවී යැයි බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *