පන්ජාබ් පිල සහ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල අතර පැවති තරගය ඊයේ දිනයේදී පැවැත්වුනා. මෙම තරගයේදී පන්ජාබ් කින්ග්ස් පිල, ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පරාජයට පත් කිරීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පන්ජාබ් පිල මුලින් පන්දු යැවීම තෝරා ගත් අතර ඔවුන්ගේ පන්දු යවන්නන් වන ආර්ෂ්දීප් සිංහ් සහ මිචෙල් මාර්ශ් ඉතා හොද ආරම්භයක් ලබා ගත්තා. කෙසේ හෝ පවර්ප්ලේ ඉනිම අවසානයේදී මේ නිසාම ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කඩුළු තුනක් දැවී ලකුණු 39 ක් ලබාගෙන අතිශයින් අසීරු තත්වයක පසු වුනා. කෙසේ වෙතත් ඉන්පසුව පිටීයට පිවිසි නිකොලස් පූරන් පන්දු 30 කදී ලකුණු 44 ක් ලබා ගත් අතර අබ්දුල් සමාද් සහ ආයුෂ් බදෝනි පන්දු 21 ක් තුල ලකුණු 47 ක් ලබාගෙන ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු හතක් දැවී ලකුණු 171 බවට පත් කිරිමට සමත් වුනා.
ඒ අනුව ලකුණු 172 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පන්ජාබ් පිලේ ප්‍රබාසිම්රන් සින්හ් පන්දු 23 ක් තුල තමන්ගෙ අර්ධ ශතකය ලබා ගත් අතර ඔහු හයේ සහ හතරේ පහර වලින් තමන්ගේ ඉනිම වර්ණවත් කර ගැනීමට සමත් වුනා. පන්දු 34 ක් තුල ලකුණු 69 ක් ලබා සිටි ඔහු දැවී ගිය පසු පිටියට පැමිණි ශෙය්‍රාස් අයියර්, ඉතා සන්සුන්ව ක්‍රීඩා කරමින් පන්දු 30 ක් තුල ලකුණු 52 ක් ලබා ගෙන නෙහාල් වදේරා සමග ලකුණු 67 ක නොබිදුණු සබදතාවයක් පවත්වා ගත්තා. ඒ අනුව කඩුළු දෙකක් දැවී ලකුණු 177ක් ලබා ගත් ඔවුන් තරගයේ ජය වාර්තා කිරිමට සමත් වුනා.
මෙම ජයත් සමගින් පන්ජාබ් පිලට නොකඩවා ලබා ගත් දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වු අතර ඒ අනුව මේ වන විට ඔවුන් පිටුපසින් රැදී සිටින්නේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු සහ දිල්ලි කැපිටල්ස් පිලට පමණයි.