ඊයේ 19 වෙනිදා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර පැවති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. ලක්නව් පිල වෙනුවෙන් මුලින් පන්දුවට පහර දීමට පිටියට පැමිනි ඒඩන් මැක්රම් ලකුණු 66 ක් ලබා ගත් අතර ආයුෂ් බදෝනි ලකුණු 50 ක් ලබා ගත්තා. ඉන්පසුව පිටියට පැමිණි අබ්දුල් සමාද් පන්දු 10 ක් තුලදී ලකුණු 30 ක් ලබාගෙන තරගය අවසන් කල අතර ඉන්පසුව පිටියට පැමිණි සන්දීප් ශර්මා ලකුණු 27 ක් ද ලබා ගත්තා.
මෙහිදී ඉතා හොදින් පන්දු යැවූ වනිදු හසරංග ලකුණු 31 කදී කඩුළු දෙකක් දවා ගත් නමුත් රාජස්ථාන් රෝයල්ස් පිලේ පන්දු යවන්නන්ට ලක්නව් පිල වෙනුවෙන් හොද අභියෝගයක් ලබා දීමට අසිරූ වුනා.
ලකුණු 181 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි රාජස්ථාන් පිල තමන්ගේ ඉනිම ආරම්භ කලේ තරුණ ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් සමගයි. ඔහු ඉතා හොදින් ක්‍රීඩා කරමින් ලකුණු 74 ක් ලබා ගත් අතර වයස අවුරුදු 14 ක් වුණු වයිභාව් සුර්යවන්ශි සමග එක්ව ලකුණු 85 ක සබදතාවයක් ගොඩ නගා ගැනීමටත් ඔහු සමත් වුනා.
සූර්යවන්ශි, තමන්ගේ පලමු අයි පී එල් තරගයට මුහුණ දුන්නත් ඔහු ඉතා පරිණත ආකාරයට ක්‍රීඩා කල අතර ඔහුට ලැබුණු පලමු පන්දුවටම හයේ පහරක් එල්ල කලා. ඉන්පසුව හයේ පහර කිහිපයක් සමගින් ලකුණු 34 ක් රැස් කල ඔහු මුළු ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් කලා. කෙසේ වෙතත් ඉන්පසුව ඔහු රිශාබ් පෑන්ට් ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
17 වන ඕවරය දක්වාම තරගයේ පාලනය තමන් අතේ තබා ගෙන සිටි රාජස්ථාන් පිලට ඒ වන විට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යවී තිබුනේ පන්දු 18 කදි ලකුණු 25 ක් පමණයි. නමුත් අවේෂ් ඛාන් ගේ අති දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන් විශාල පසු බැසීමකට ලක් වූ අතර ඔවුන්ට ලකුණු පහකදී කඩුළු දෙකක් අහිමි වී ගියා.
අවසාන ඕවරය වන විට රාජස්ථාන් රෝයල්ස් පිලට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වී තිබුනේ ලකුණු නවයක් පමණයි. එසේම අවසන් පන්දුවට ලකුණු හතරක් අවශ්‍ය වී තිබූ මොහොතක ක්‍රියාත්මක වූ අවේශ් ඉතා හොද පන්දු රැකීමක නිරත වෙමින් තරගයේ ජය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙත හිමි කරගත්තා.
ඒ අනුව ලක්නව් පිල ලකුණු දෙකකින් තරගය ජයගත් අතර මෙම පරාජය රාජස්තාන් රෝයල්ස් ප්රේක්ෂයන්ට අතිශයින් කණගාටුදායක එකක් වුනා. මේ වන විට තරග හතරක් දිගින් දිගටම පරාජය වී සිටින රාජස්ථාන් රෝයල්ස් පිල තවත් පහලට ඇදී යද්දී ලකුණු 10 ක් හිමි කරගත් ලක්නව් පිල තරග ලකුණු සටහනේ පෙරමුණට ගමන් කීරීමට සමත් වුනා.