පන්දුවෙන් දස්කම් දක්වන අවුරුදු 17 සුපිරි ක්‍රීඩකයා!

පේශාවර් ශල්මි කණ්ඩායම සහ මුල්තාන් සුල්තාන් කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති තරගයේ මුලින්ම කාසියේ වාසිය දිනා ගත්තේ පේශාවර් පිලයි.  තරගය ආරම්භය ඔවුන්ට එතරම් සුබ දායක නොවුනේ මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි සයිම් ආයුබ් සහ නායක බාබර් අසාම් ලකුනු පහක් තුල දැවී යාමත් සමගයි.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි මොහොමඩ් හැරිස් සහ ටොම් කැඩ්මෝර් ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නගා ගැනීමට සමත් වූ අතර කැඩ්මෝර් පන්දු 30 කදී ලකුණු 52 ක් සහ හැරිස් පන්දු 21 කදී ලකුණු 45 ක් ලබා ගත්තා.

ඉන්පසුව පිටියට පිවිසි හුසේන් ටලාට් ලකුනු 37 ක්, මයිකල් ඔවෙන් ලකුණු 34 ක් සහ අබ්දුල් සමාද් ලකුණු 40 ක් ලබා ගත්තා. සමාද් මේ ලකුණු 40 ලබා ගත්තේ පන්දු 14 කින් පමණක් වීම සුවිශේෂී කාරනයක් වුනා. ඒ සමගින් පේෂාවර් පිලේ ලකුණු පුවරුව කඩුළු 7 ක් දැවී ලකුණු 227 ක් ලෙස වාර්තා වූ අතර මුල්තාන් පිලේ පන්දු යවන්නන් වන ඩේවිඩ් විලී සහ මයිකල් බ්‍රේස්වෙල් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඉන්පසුව ලකුණු 228 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මුල්තාන් සුල්තාන්ස් පිල ඉතා හොද ආරම්බයක් ලාබ ගත් අතර මොහොමඩ් රිස්වාන් පලමු ඕවරයේදීම හයේ පහරක් එල්ල කලා. නමුත් ඔහුගේ දැවී යාමත් සමග පිලේ කඩුළු එකින් එක බිදී යන්නට පටන් ගත් අතර උස්මාන් ඛාන් පමණක් ලකුණු 44 ක් රැස් කර ගැනීමට සමත් වුනා.

මෙහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ 17 හැවිරිදි වේග පන්දු යවන අලි රාසා  ලකුණු 21 කදී කඩුළු 4 ක් දවා ගත් අතර ඔහු කම්‍රන් ගුලාම්, මයිකල් බ්‍රේස්වෙල්, ඇෂ්ටන් ටර්නර් සහ ඉෆ්තිකාර් අහමඩ් යන දක්ෂ පන්දු යවන්නන් හතර දෙනාම දවා ගැනීමට සමත් වුනා.

කෙසේ හෝ මේ පීඩනය හමුවේ මුල්තාන් සුල්තාන් පිල ලකුණු 107 කට සීමා වූ අතර පේශාවර් ශල්මි පිල ලකුණු 120 ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ අනුව මෙම ජයග්‍රහණය සැලකුනේ ඔවුන් මෙම තරගාවලිය තුල ලබා ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය ලෙසයි.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *