තමන්ගේ ජයග්‍රහණ රැල්ල නොකඩවා පවත්වාගෙන යමින් පරාජයන් රහිතව තමන්ගේ තුන්වන ජයග්‍රහණයත් අත් පත් කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වුනේ චෙන්නායි සුපර් කින්ග්ස් පිල කඩුළු නවයකින් පරාජය කරමිනුයි.
මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් පිල, තමන්ගේ ඕවර 20 අවසානයේදී කඩුළු 5 ක් දැවී ලකුණු 176 ක් රැස් කර ගත් අතර එහිදී රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 53 ක්, ශිවම් ඩුබේ ලකුනු 50 ක් සහ නවක ක්‍රීඩක ආයුෂ් මෙහෙත්‍රී පන්දු 15 ක් තුල විශිෂ්ඨ ලකුණු 32 ක් රැස් කර ගත්තා. නමුත් ඔවුන්ට ඉනිම ආරම්භයේදී හොදින් පන්දුවට පහර දීමට අවස්ථාවක් උදා වුනේ නැහැ. ආයුෂ්ගේ දැවී යාමත් සම්ග චෙන්නායි පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය සැලකිය යුතු මට්ටමකින් අඩු වූ නමුත් අවසන් ඕවර කිහිපයේදී ඩුබේ සහ ජඩේජාගේ දුර්වල පන්දු යැවීම හමුවේ සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. නමුත් අවසානයේ පන්දු යැවූ බූම්රා සහ සාන්ට්නර් හම්බුවේ චෙන්නායි පිල දැඩි පීඩනයකට ලක් වුනා.
බූම්රා ලකුනු 25 කට කඩුළු දෙකක් දවා ගත් අතර ඒ සමගින් චෙන්නායි සුපර් කින්ග්ස් පිල ලකුණු 176 කට සීමා වුනා.
ලකුණු 177 ක ඉලක්කයක් වෙනුවෙන් ඉන්පසුව පිටියට පැමිණි මුම්බායී ඉන්දියන්ස් පිලේ රෝහිත් ශර්මා නොදැවී ලකුණු 76 ක් ලබා ගත් තර සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 68 ක් රැස් කරගෙන ඕවර 15.4 ක් තුලදී තමන්ගේ ඉලක්කය වෙත ලගා වුනා. මෙම ආරම්භක සබදතාවය මෙවර අයි පී එල් තරගාවලියේ හොදම ආරම්භක සබදතාවය ලෙස නම් කෙරුණු අතර රෝහිත් හයේ පහරවල් තුනක් එක දිගට එල්ල කිරීම ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කරවන්නට හේතු වුනා.