බූම්රා ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සමතලා කරයි!

ඊයේ දිනයේදී වැන්කඩේ ක්‍රීඩාංගනයේදී මුම්බායි ඉන්දියන්ස් පිල සහ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල අතර පැවති තරගයෙන් පාසල් සිසුන් 19,000ක් ඉදිරියේ තමන්ගේ ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියස් පිල සමත් වුනා.  ඒ අනුව ඔවුන් මේ ලබා ගත්තේ නොකඩවා ලබා ගත් පස්වන ජයග්‍රහණයයි. ඒ අනුව මේ වන විට ඔවුන් තරග දහයකට සහභාගී වී ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් වී සිටිනවා.

මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුළු හතක් දැවී ලකුණු 215 ක් ලබා ගත් අතර රයන් රිකල්ටන් පන්දු 36ක් තුල ලකුණු 58 ක් ලබා ගත් අතර ඔහු තමන්ගේ අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 25 ක් තුලදීයී. ඒ සමගින් මුම්බායි පිලට පවර්ප්ලේ ඉනිම තුලදී ලකුණු 66 ක් ලබා ගැනීමට හැකි වුනා. ඉන්පසුව පිටියට පැමිණි සූර්ය කුමාර් යාදෙව් පන්දු 28 ක් තුල ලකුණු 54 ක් ලබා ගත් අතර ඒ අනුව ඔහු අයි පී එල් තරගාවලියේ ලකුණු 4000 සීමාව ඉක්මවා ගිය තුන්වන වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වුනා.

ඉන්පසුව ඉනිම අවසානයේදී පිටියට පැමිණි නමන් ධිර්, කෝර්බින් බොස් ඉනිම ශක්තිමත් ලෙස අවසන් කිරීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් කඩුළු හතක් දැවි ලකුණු 215 ක් ලබා ගෙන ඉනිම අවසන් කලා.

ඉන්පසුව ලකුණු 216 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි ලක්නව් පිල, පවර්ප්ලේ ඕවර තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60 ක් ලබා ගැනීමට ස්මාත් වුනා. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක මුම්බායි ඉන්දියන්ස් පිලේ විල් ජැක්ස් පූරන් සහ රිෂාබ් පෑන්ට් දවා ගැනීමට කටයුතු කලා.

ට්‍රෙන්ට් බෝල්ට් ඉතා හොදින් පන්දු යැවූ අතර ඔහු මිචෙල් මාර්ෂ් සහ බදෝනි ඇතුළුව විකට් තුනක් දවා ගැනීමට සමත් වුනා.  ආයුෂ් බදෝනී දැවී යන විට පන්දු 22 කදී ලකුණු 35 ක් ලබා සිටියා.

ලක්නට් පිලට තමන්ගේ ඉනිම තුල පන්දු 30 කින් ලකුණු 76 ක් අවශ්‍ය වී තිබුණු අතර  ඒ සමගම පිටියට පැමිණි බූම්‍රා ලකුණු 22 ක් තුල කඩුළු හතරක් දවා ගත් අතර ඒ අතරට ඩේවිඩ් මිලර්, අබ්දුල් සමාද්, අවේශ් ඛාන් ඇතුලත් වුනා.

ඒ අනුව ලකුණු කඩුළු 5 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටි මුම්බායි පිල ලකුණු කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් දක්වා වේගයෙන් ගමන් කලා. ඉන්පසුව රවී බිෂ්නෝයි හයේ පහර දෙකක් සමගින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කලත් ඔහුගේ දැවී යාමත් සමග ලක්නව් පිලේ ඉනිම ලකුණු 161 කට සීමා වුනා.  

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *