කල්කටා නයිට් රයිඩර්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර ඊයෙ පැවති තරගය අතිශයින් උද්වේගකර එකක් වුනා. කුමන කණ්ඩායම ජයග්‍රහණය කරයිද යන කුතුහලය අවසානය වන තුරුම තරගය පුරා රැදී පැවතීම විශේෂ කාරණයක් වුනා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල කල්කටා නයිට් රයිඩර්ස් පිල, තමන්ගේ පලමු ඕවර හත තුලදී ලකුණු 91 ක් ලබා ගත් අතර ඒ සුනිල් නරිනේ, රහ්මදුල්ලා ගුර්බාස් සහ අජින්ක්‍යා රහනේ යන ක්‍රීඩකයන්ගේ අති දක්ෂ පිතිකරණයත් සමගයි. පවර්ප්ලේ ඕවර සදහා ඔවුන් ලබා ගත් මෙම ලකුණු 79 ඔවුන් තරගාවලිය තුල ලබා ගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාම ඉතා ඉක්මනින් දැවී යාම නිසා කල්කටා පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් මන්දගාමී වූවත්, ඉන්පසුව පිටියට පැමිණි රින්කු සිංහ් සහ අන්ග්රික්ෂ් රශුවන්ෂි දෙදෙනා එක්ව ඕවර 7 ක් සහ පන්දු තුනකදී ලකුණු 61 ක් රැස් කිරිමට සමත් වුනා.
ඇන්ඩෲ රසල් අවසානයේදි පිටියට පැමිණියත් ඔහුගේ අනෙක් අන්තයේ කඩුල්ල දැවී යාම නිසා ඔහුට මුහුහ්න දීමට අවස්ථාව ලැබුනේ පන්දු 9 කට පමණයි. ඒ අනුව ඔවුන් අවසන් ඕවර පහ තුලදී ලකුණු 45 ක් ලබා ගත් අතර ඒ අනුව කඩුළු නවයක් දැවී ලකුණු 204 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.
ඉන්පසුව ලකුණු 205 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් පිලේ ආරම්බය මන්දගාමී වූ අතර මෙම තරගාවලියේ තමන්ගේ පලමු තරගය ක්‍රීඩා කරන අනුකුල් රෝයි තාම්න්ගේ පලමු ඕවරයේ දෙවන පන්දුවේදීම විකට්ටුවක් ලබා ගැනීමට සමත් වුනා. ඉන්පසුව වයිභාව් අරෝරා, කරුන් නයියර් දවා ගැනීමට සමත් වූ අතර කේ එල් රාහුල්ද සුනිල් නරිනේගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
ඉන්පසුව පිටියට පැමිණි ෆෆ් ඩු ප්ලේසිස් කන්ඩායමේ නායක අක්සාර් පටෙල් සමග ශක්තිමත් ඉනිමක් ගොඩ නගා ගැනීමට උත්සාහ කල අතර අක්සාර් හයේ පහර තුනක් එල්ල කලා. ඒ අනුව ඔවුන් දෙදෙනා ලබා ගත් ලකුණු සංඛ්‍යාවත් සමගින් ඔවුන්ට පන්දු 41 ක් තුලදී ලකුණු 69 ක් ලබා ගැනීමේ අභියෝගයක් පැවරුනා.
ඒ වන විට නරිනේ ඕවර 2 ක් සහ පන්දුවක් යවා තිබූ අතර ඔහු ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 25 ක් ලෙස වාර්තා වී තිබුනා. එසේම වරුන්ගේ පන්දු හමුවේද ඕවර තුනකදි දිල්ලි පිල ලකුණු 35 ක් ලබා තිබුනා.
කෙසේ වෙතත් ඉන්පසුව ක්‍රියාත්මක වුනු නරිනේ, අක්සාර් පටෙල් දවා ගත් අතර ඉන්පසුව එම ඕවරයේදීම ට්‍රිස්ටන් ස්ටබ්ස් ද දවා ගත්තා. ඉන්පසුව නැවතත් පන්දු යැවීම සදහා අනුකුල් රෝයි කැදවූ ඔහු ඒ සමගින් ෆෆ් ව දවා ගැනිමටත් ඔවුන් සමත් වුනා.
කෙසේ වෙතත් ඉන්පසුවත් දිල්ලි කැපිටල්ස් පිලේ දක්ෂ පිතිකරුවන් වන අෂුතොෂ් ශර්මා සහ රසිඛ් සලාම් පන්දුවට පහර දීමට නියමිත නිසා ඔවුන් ඒ පිලිබදව බලාපොරොත්තු සහගතව සිටියත් වරුන්ගේ පන්දුවක් හමුවේ අෂුතෝෂ් සහ මිචෙල් ස්ටාර්ක් ද දැවී ගියා.
ඒ අනුව දිල්ලි කැපිටල්ස් පිලෙ සියලුම බලාපොරොත්තු බිදී ගිය අතර ඔවුන් සියලුම දෙනා ලකුණු 190 ක් තුලදී දැවි ගියේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 14 ක් අවශ්‍යව තිබියදීයී.
සුනිල් නරිනේ මුල්ම වතාවට කණ්ඩායමේ නායකත්වය ඉසිලූ අතර ඉතා හොදින් ක්‍රීඩා කල ඔහු අවශ්‍ය මොහොතේ නිවරදි තීරණ ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙයවීමට සමත් වුනා.