ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල සහ මුල්තාන් සුල්තාන්ස් පිල අතර පැවති තරගයෙන් කඩුළු 10 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල සමත් වුනා. අවාසනාවන්ත ලෙස මුල්තාන් සුල්තාන්ස් පිලේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 89 කට දැවී ගිය පසුව එම ලකුණු ප්‍රමානය හබා ගිය ක්වෙට්ටා පිල ඕවර 6 ක් සහ පන්දු 5 ක් තුලදී තමන්ගේ ලකුණු ඉලක්කය හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුල්තාන් පිලේ නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 44 ක් ලබාගෙන අවසානය වෙන තුරුම නොදැවී සිටියත් අනෙකුත් පිතිකරුවන්ගෙන් ඔහුට අවශ්‍ය සහය හිමි වුනේ නැහැ. ක්වෙට්ටා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඛුරාම් ශහ්ශාද්, මුල්තාන් පිලේ ප්රමුඛ්තම පිතිකරුවන් සිව් දෙනෙක් තමන්ගේ පලමු පන්දු 11 තුලදී දවා ගැනීමට සමත් වූ අතර දැවී ගියේ යසීර් ඛාන්, කර්ටිස් කැම්පර්, උස්මාන් ඛාන් සහ කම්රන් ඝුලාම් යන පිතිකරුවන් සිව් දෙනායි.
ඉන්පසුව පිටියට පැමිණි ඉෆ්තිකාර් අහමඩ් සහ මයිකල් බ්‍රේස්වෙල්, ෆහීම් අෂ්රෆ් ගේ පන්දු හමුවේ දැවී ගිය අතර යම් තරමක හෝ ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට සමත් වුනේ රිස්වාන් සහ උසාමා මිර් පමණයි.
කෙසේ හෝ ඉන්පසුව මෙම ලකුණු ඉලක්කය වෙනුවෙන් පිටියට පැමිණි ක්වෙට්ටා පිලේ ෆින් ඇලන් සහ සෞද් ශකීල් කිසිදු කලබලයක් නොමැතිව ඉනිම ආරම්භ කල අතර ඔවුන් දෙදෙනා නොදැවී ලකුණු 45ක් සහ 42 ක් ලබාගෙන තරගය ජයග්‍රහනය වෙත රැගෙන ගියා.
මේ වන විට මුල්තාන් සුල්තාන්ස් පිල තමන් මුහුණ දුන් තරග 7 න් හයක්ම පරාජය වී සිටින අතර ඔවුන්ගේ දළ ලකුණු වේගය වාර්තා වී තිබෙන්නේ සෘණ 2.355 ක් ලෙසයි.