ගුජරාත් ටයිටන්ස් පිලෙන් පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ඨ දක්ෂතා!

ගුජරාත් ටයිටන්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ පැවති තරගයේදී ලකුණු 224 ක් තරම් ඉහල සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ගුජරාත් ටයිටන්ස් පිල සමත් වුනා.

ගුජරාත් ටයිටන්ස් පිලේ ප්‍රධානතම පිතිකරුවන් වූ ශුබ්මන් ගිල්ස් ලකුණු 76 ක් රැස් කරගත් අතර ජොස් බට්ලර් ලකුණු 64 ක් සහ බී සායි සුදර්ශන් ලකුණු 48 ක් රැස් කර ගැනීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් තමන්ගේ ඉනිම ආරම්භයේ සිටම ඉතා හොද අභියෝගයක් අනෙක් පිලට ලබ දුන් අතර සන්රයිසස් පිලේ දුර්වල පන්දු යැවීමෙන් ඉතා හොද වාසියක් ලබා ගත්තා.

ඒ අනුව පවර්ප්ලේ ඕවර තුලදී ලකුණු 82 ක් රැස් කරගත් ඔවුන් පලමු ඕවර හය තුලදී සියලුම කඩුළු ආරක්ෂා කර ගැනීමට සමත් වුනා. සායි සුදර්ශන්, ශීෂාන් අන්සාරිගේ දක්ෂ පන්දුවක් හමුවේ දැවී ගිය පසුව ගිල් ද ඉන්පසුව දැවී ගියා. ඉන්පසුව කමින්ස් සහ ජේදේව් උනාද්ට් ඉතා හොදින් පන්දු යැවූ අතර ඒ සමගින් ගුජරාත් ටයිටන්ස් පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩු වුනා.

කෙසේ වෙතත් ඉන්පසුව නැවතත් පිටියට පිවිසි බට්ලර් පන්දු 37 ක් තුල ලකුණු 64 ක් ලබා ගත් අතර මෙම තරගය තුල තරමක් හෝ සාර්ථක වූ පන්දු යවන්නෙකු වූයේ ජේදේව් පමණයි. ඔහු ලකුණු 35 ක් තුල කඩුළු 3 ක් ලබ ගැනීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 225 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි අභිෂේක් ෂර්මා ලකුණු 74 ක් ලබා ගත් අතර ට්‍රේවිස් හෙඩ් සහම එකතුව ඔවුන් දෙදෙනා පලමු ඕවර හතර සදහා ලකුණු 45 ක් ලබා ගත්තා. නමුත් ගුජරාත් පිලේ ලකුණු වේගයට සමාන වීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

ඉන්පසුව පන්දුව අතට ගත් ප්‍රාසිධ් ක්‍රිෂ්නා, ඉතා හොදින් පන්දු යවමින් ඕවර හතරක් තුල ලකුණු 19 ක් පමණක් ලබා දෙමින් කඩුළු දෙකක් ලබා ගැනීමට සමත් වුනා. ඉන්පසුව ගුජරාත් පිලේ පන්දු යවන්නන් තව දුරටත් තමන්ගේ ග්‍රහනය දැඩි කල අතර ඒ සමගින් දිගින් දිගටම කඩුළු දැවී යන්නට පටන් ගත්තා.

ඒ අනුව සන් රයිසස්  පිල කඩුළු හයක් දැවී ලකුණු 186 ක් පමණක් රැස් කල අතර ඒ සමගින් ගුජරාත් පිල තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කලා. ඒ සමගින් ඔවුන් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට සමාන වූ අතර ඔවුන් තරග ලකුණු පුවරුවේ දෙවන ස්ථානය දක්වා ගමන් කලා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *