තියුණු සටනකින් පසුව නිමා වුණු චෙන්නායි සහ කල්කටා ගැටුම.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරගය ඊයේ දිනයේදී පැවැත්වුනා.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගත් කල්කටා පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව ඔවුන් පවර්ප්ලේ ඕවර තුලදී ඉතා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීම ආරම්භ කල අතර රහ්මනුල්ලා ගුර්බාස් හතරේ සහ හයේ පහරක් එල්ල කලත් ඔහු ඉන්පසුව ලකුණු 11 කට දැවී ගියා. ඉන්පසුව පිටියට පැමිණි සුනිල් නරිනේ සහ අජින්ක්යා රහනේ ඉතා වේගයෙන් ලකුණු රැස් කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 67 ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. රහනේ ලකුණු 48 ක් රැස් කල අතර නරිනේ 8 වන ඕවරයේදී දැවී ගියා.

කෙසේවෙතත් චෙන්නායි පිලේ දග පන්දු යවන්නන්ගේ ක්‍රියාත්මක වීමත් සමගින් කල්කටා පිලේ යම් පසුබැසීමක් සිදු වූ අතර නූර් අහමද්, තරගයේදී අත්‍යාවශ්‍යව තිබූ කඩුළු හතරක් දවා ගත්තා. ඒ අතරට නරිනේ, අන්ග්‍රිෂ් රෂුවන්ෂි සහ ඇන්ඩෲ රසල්, රින්කු සිංහ් ඇතුලත් වුනා. මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 36 ක් ලබා ගත් අතර ඒ සමගින් කඩුළු හයක් පමණක් දැවී ලකුණු 176 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

ඉන්පසුව ලකුණු 177 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි චෙන්නායි සුපර් කින්ග්ස් පිලේ ආයුෂ් මෙහෙත්‍රී පලමු ඕවරයේදීම දැවී ගිය අතර ඉන්පසුව පිටියට පැමිණි නවක ක්‍රීඩක උර්විල් පටෙල් පන්දු 11 ක් තුල ලකුණු 31 ක් රැස් කල අතර ඔහු හතරේ පහර හතරක් එල්ල කලා. ඒ අනුව පවර්ප්ලේ ඕවර අවසන් වන විට ඔවුන් කඩුළු පහක් දැවී ලකුණු 62 ක් ලබා සිටියා.

ඉන්පසුව ඩෙවාල්ඩ් බ්‍රෙවිස් සහ ශිවන් ඩුබේ ඉනිම ගොඩ නගා ගැනීමට උත්සාහ කල අතර 11 වන ඕවරයේදී බ්‍රෙවිස් වෛභාව් ආරෝරා ගේ පන්දු හමුවේ ලකුණු 30 ක් රැස් කර ගැනීමට සමත් වුනේ හයේ සහ හතරේ පහර කිහිපයක් සමගයි. ලකුණු 52 ක් රැස් කල ඔහු ඉන්පසුව දැවී ගියත් ඔහුගේ මෙම අර්ධ ශතකය තරගය වෙනස් කරවීමට සමත් වුනා.

ඉන්පසුව 19 වන ඕවරයේදී ඩුබේ සහ නූර් යන දෙදෙනාම දැවී ගිය අතර ඔවුන්ට අවසන් පන්දු 6 තුල ලකුණු 8 ක් ජයග්‍රහණය සදහා අවශ්‍ය වුනා. ඒ අනුව එම් එස් දෝනි තමන් මුහුණ දුන් පලමු පන්දුව සදහාම ලකුණු 6 ක් රැස් කල අතර ඉන්පසුව පන්දුවට මුහුණ දුන් අන්ෂුල් කාම්බෝජ් ඉතා සං‍යමයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු දෙකක් ලබාගෙන තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *