ආර්යා සහ ප්‍රභාසිම්රන්ගේ විශිෂ්ඨ පිතිකරණය අපතේ යයි.

2025 IPL තරගාවලියේ පන්ජාබ් කින්ග්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර ධර්මසාලා ක්‍රීඩාංගනයේ පැවති තරගය ඕවර 10.1 කින් පසුව ක්‍රීඩාංගනයේ තාක්ෂණික දෝෂයක් නිසා අත් හැර දමන්නට සිදු වුනා.

නිළ IPL නිවේදනයේ සදහන් වෙන්නේ ප්‍රදේශයේ සිදුවූ විදුලි කප්පාදුව නිසා ඔවුන්ගේ HPCA ක්‍රීඩාංගනයේ එක් ආලෝක කුළුනක් ක්‍රියාවිරහිත වීම මෙම තත්වයට හේතුව බවයි. මේ නිසා තරගය නවත්වා දැමුණු අතර සිදුවූ අපහසුතාවයට ඔවුන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා තිබුණා.

ක්‍රීඩාංගනයේ ආලෝකය ක්‍රියා විරහිත වීමට පෙර පන්ජාබ් කින්ග්ස් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ප්‍රියන්ෂ් ආර්‍යා සහ ප්‍රාභාසිම්රන් සින්හ්, ඉතා හොද ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් පන්දු 61 ක් තුල ලකුණු 122 ක් රැස් කර ගත්තා. එසේම ආර්යා ලකුණු 70 ක් ලබා සිටි අතර ප්‍රභාසිම්රන් නොදැවී ලකුණු 50 ක් ලබා සිටියා. එහිදී ඔවුන් දෙදෙනා දිල්ලි කැපිටල්ස් පිලේ මිචෙක් ස්ටාර්ක්, දුෂ්මන්ත චමීර වැනි පන්දු යවන්නන්ට ඉතා හොද අභියෝගයක් ලාබ දුන් අතර වේගපන්දු යවන කුල්දීප් යාදෙව් ගේ පන්දු වලට පවා හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එල්ල කලා. ආර්යා පන්දු 25 ක් තුල තමන්ගේ අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනා.

ආර්යා, 11 වන ඕවරයේදී පලමු පන්දුවෙන්ම දැවී ගිය පසුව තරගය නතර කර දැමුණා.

ඒ අනුව පන්ජාබ් කින්ග්ස් පිල 11 වන්දා මුම්බායි ඉන්දියන්ස් පිල සමග ගැටෙන අතර එම තරගය අහමදාබාද් හී වෙනුවට ධර්මසාලා වල පැවැත්වීමට නියමිතයි. එසේම දිල්ලි කැපිටල්ස් පිලත් එදිම දිල්ලියේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *