ඩැරිල් මිචෙල් සහ සිකන්දර් රාසාගේ සුපිරි පිතිකරණයත් සමගින් ලාහෝර් කලන්ඩර්ස් පිල සහ මුල්තාන් සුල්තාන්ස් පිල අතර පැවති තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ලාහෝර් කලන්ඩර්ස් පිල සමත් වුනා. ලාහෝර් පිලේ ආරම්භක පිතිකරුවන් වුණු ඩැරිල් මිචෙල් සහ සිකන්දර් රාසා ලකුණු 89 ක සබදතාවයක් පවත්වාගෙන යාමට සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමගින් ලාහෝර් පිල ලකුණු පුවරුවේ දෙවන ස්ථානයට ලගා වීමට හැකි වුනා.
මෙම තරගය ආරම්භයේදීම තරගයේ කාසිය වාසිය දිනා ගත් සුල්තාන් පිල මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ලාහෝර් පිල සමත් වුනා. මේ නිසාම ඔවුන්ට පවර් ප්ලේ ඕවර තුලදි ලබා ගත හැකි වුනේ ලකුණු 39 ක් පමණයි. එසේම මෙම ඕවර තුලදී යසීර් ඛාන් දැවී ගියා. ටොම් කුරාන් ඉතා හොදින් පන්දු යැවූ අතර ඔහුගේ පන්දුවකට 11 වන ඕවරයේදී ශායි හෝප් දැවී ගිය අතර ඒ අනුව කඩුළු තුනක් දැවී ලකුණු 70 ක් ලබා සිටි සුල්තාන් පිල දැඩි අසීරුතාවයකට පත් වුනා.
කෙසේ වෙතත් ඉන්පසුව කම්රන් ගුලාම් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් වූ අතර ඉන්පසුව හරිස් රෞෆ් අවසන් ඕවරය තුලදී ලකුණු 20 ක් ලබ ගත්තා. ඒ අනුව මුල්තාන් සුල්තාන්ස් පිල කඩුළු තුනක් දැවී ලකුණු 185 ක්ක් ල්බා ගැනීමට සමත් වුනා. රිස්වාන් පන්දු 48 කදී ලකුණු 76 ක් ලබා ගත් අතර ගුලාම් පන්දු 31 කදී ලකුණු 52 ක් රැස් කර ගත්තා.
ඉන්පසුව මෙම ඉලක්කය වෙනුවෙන් පිටියට පැමිණි ලාහෝර් පිල ආක්‍රමණශීලී ලෙස ලකුණු රැස් කිරීම ආරම්භ කල අතර එහිදී මොහොමඩ් නීම් සහ අබ්දුල්ලා ශෆීක් ඉතා ඉක්මනින් දැවී ගියා.
ඉන්පසුව පිටියට පැමිණි මිචෙල් සහ රාසා දෙදෙනා එකතු වී හයේ පහරවල් අටක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා සන්සුන්ව සහ පන්දුවලට තෝරා බේරා ගනිමින් ලකුණු රැස් කරන්නට පටන් ගත්තා. කෙසේ හෝ අවසානයේ ලකුණු 185 ඉලක්කය ජය ගැනීම පහසු එකක් බවට පත් වූ අතර මිචෙල් දැවී යන විට ලකුණු 64 ක් ද රාසා නොදැවී ලකුණු 40 ක් ද ලබා සිටි පසුබිමක ලාහෝර් කලන්ඩර්ස් පිල තරගය ජය ගැනීමට සමත් වුනා.
ඒ අනුව මෙම පරාජයත් සමගින් මුල්තාන් සුල්තාන්ස් පිල නොකඩවා පරාජයන් පහක් අත් කරගෙන සිටින අතර ඒ අනුව ඔවුන් ලකුණු පුවරුවේ අවසාන ස්ථානයේ රැදී සිටිනවා.