හේසල්වුඩ්ගෙන් සුපිරි පන්දු යැවීමක් – ලකුණු 33 කට කඩුළු 4ක්!

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර 24 වෙනිදා එනම් ඊයේ පැවති තරගය අතිශයින් උද්වේගකර එකක් වුනා. මෙම තරගයේදී විරාත් කෝලි ලකුණු 70 ක් ලබා ගත් අතර දෙව්දත් පඩික්කාල් ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේදි රාජස්ථාන් රෝයල්ස් පිල මෙම ක්‍රීඩාංගනයේදී රැස් කල වැඩිම ලකුනු ප්‍රමාණය රැස් කල අතර මෙම තරගය බොහෝ දෙනෙකුගේ කුතුහලය උපරිමයට නංවාලීමට සමත් වුණ ඉතා තියුණු තර්ගයක් වුනා.

මුලින්ම පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් පිලේ මුල් පිතිකරුවන් වුනු ෆිල් සෝල්ට් සහ විරාත් කෝලි ඉනිම ආරම්භ කල අතර සෝල්ට් පන්දු 23 කදි ලකුණු 26 ක් රැස් කරගත්තා. ඉන්පසුව ඉතා අගනා ඉනිමක් කිරිඩා කල කෝලි පන්දු 44 ක් තුල ලකුණු 70 ක් ලබා ගත්තා.

සෝල්ට් ගේ දැවීයාමෙන් පසුව අංක තුන ක්‍රිඩකයා ලෙස පඩික්කාල් පැමිණි අතර ඔහු පන්දු 31 කදී ලකුණු 50 ක් ලබා ගත්තා. පඩික්කාල් සහ කෝලිගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි රජත් පටිදාර් ට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනත් ටිම් ඩේවිඩ් සහ ජිතේෂ් ශර්මා පන්දු 19 ක් තුල ලකුණු 42 ක් ලබා ගනිමින් ඉනිම සාර්ථකව අවසන් කලා. ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල කඩුළු පහක් දැවී ලකුණු 205 ක් ලබා ගත්තා.

ලකුණු 205 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි රාජස්ථාන් රෝයල්ස් පිලේ යෂෂ්වී ජයිස්වාල් සහ ජොස් බට්ලර් අතරින් ජයිස්වාල් ඉතා හොදින් ක්‍රීඩා කරමින් පන්දු 19 ක් තුල ලකුණු 49 ක් ලබා ගත්තා. නිතිෂ් රනා සහ රියාන් පරාග්ට මෙම තරගය තුල සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඉන්පසුව පිටියට පැමිණි ඩෘව් ජුරෙල්, මන්දගාමී ආරම්භයක් ලබා ගත්තත් ඉන්පසුව සුපුරුදු රිදමයට පැමිණ ලකුණු 47 ක් රැස් කරගත්තා. ඔහු සුභම් ඩුබේ සමග එක්ව ලබා ගත් ලකුණු 22ත් සමගින් අවසන් ලකුණු සංඛ්‍යාවේ අවසානයට පැමිණීමට සමත් වුනා.

කෙසේ වෙතත් 19 වන ඕවරයේ අතිශයින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු ජොෂ් හේසල්වුඩ් ජුරෙල් දවා ගැනීමට සමත් වූ අතර ඉන්පසුව ජොෆ්‍රා ආකර්ද දවා ගැනීමට සමත් වුනා. ඒ සමගින් ඉතිරි කඩුළු කිහිපයත් දැවී ගිය අතර රාජස්ථාන් රෝයල්ස් පිල කඩුළු නවයක් දැවී ලකුනු 194 කට සීමා වුනා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් පිල ලකුණු 11 කින් තරගය ජයගත් අතර ලකූණු 33 කදී කඩුළු හතරක් දවා ගත් ජොෂ් හේසල්වුඩ් තරගයේ වීරය බවට පත් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *