පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගය වර්ෂාව නිසා අත් හිටුවා දැමිමට තරග පාලක අධිකාරිය තීරණය කලා.
මුළින් පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ප්‍රභාසිම්රන් සින්හ් සහ ප්‍රියන්ෂ් ආර්‍යාගේ දායකත්වයෙන් කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 201 ක් රැස් කරගෙන සිටි නමුත් වර්ෂාව නිසා තරගය පවත්වාගෙන යාම අපහසු වුනා.
මේ නිසා කණ්ඩායම් දෙකටම ලකුණු එක බැගින් හිමි වුණු අතර ඒ සමගින් මෙවර තරගාවලියේ යම් පසුබෑමකට ලක් වී සිටින කල්කටා පිල ලකුණු පුවරුවේ හත්වන ස්ථානයටත් පන්ජාබ් කින්ග්ස් පිල ලකුණු පුවරුවේ හතර වන ස්ථානය දක්වාත් ලගා වුනා.
තමන්ට තරගය ජය ගැනීමට නොහැකි වුනත් ඔවුන්ගේ පිලේ ආරම්භක පිතිකරුවන් වුණු ප්‍රභාසිම්රන් සින්හ් සහ ප්‍රියන්ෂ් ආර්‍යා යන දෙදෙනාම අර්ධ ශතකය බැගින් වාර්තා කිරීම පන්ජාබ් පිලේ සතුටට හේතු වුනා. ඔවුන් තමන්ගේ පලමු විකට්ටුව වෙනුවෙන් ලකුණු 120 ක සබදතාවයක් පවත්වාගෙන ගිය අතර එම මෙම තරගාවලියේ ඔවුන් ලකුණු 100 ඉක්මවා පවත්වාගෙන ගිය එකම සබදතාවය වුනා. ආර්යා පන්දු 35 ක් තුලදී ලකුණු 69 ක් ලබා ගත් අතර ප්‍රභාසිම්රන් පන්දු 49 කදී ලකුණු 83 ක් ලබා ගත්තා.
ඔවුන් අවසන් ඕවර හය තුලදි ලබා ගත්තේ ලකුණු 42 ක් වූවත් ඔවුන්ට වරුන් චක්‍රවර්තී සහ සුනිල් නරිනේ පන්දු යැවූ ඕවර අට තුලදී ලකුණු 74 ක් රැස් කර ගැනීමට සමත් වුනා. හර්ෂිත් රනාගේ ඕවර දෙකටත් ලකුණු 27 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.
කෙසේ වෙතත් ඉන්පසුව ලකුණු 202 ක ඉලක්කයක් වෙනුවෙන් කල්කටා පිල පිටියට පැමිණියත් ඔවුන් කඩුළු නොමැතිව ලකුණු 7 ක් ලබා සිටි පසුබිමේදී වර්ෂාව නිසා තරගය අත් හැර දැමූ නිසා තරගය ජය පරාජයෙන් තොරව නිම වුනා.