මෙවර අයි පීල් තරගාවලියේ තරමක මන්දගාමී ආරම්භයක් ලබා ගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් පිල මේ වන විට ඉතා හොද මට්ටමකට පැමිණ තිබෙනවා. තරග හතරක් නොදැවී ජයග්‍රහණය ලබා සිටින ඔවුන් ඊයේ දිනයේ හයිද්‍රාබාද් හී ගාන්ධි අන්තර්ජාතික පිටියේ පැවති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජයට පත් කලා.
සන්රයිසස් පිල මුලදි තරමක් මන්දගාමී ආරම්භයක් ලබා ගත් අතර ලකුණු 35 ක් ඇතුලත ඔවුන්ගේ කඩුළු 5 ක් බිද වැටුනේ ට්‍රෙන්ට් බෝල්ට් සහ දීපක් චහාර් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේයි. චහාර් ලකුණු 26 ක් ඇතුලත කඩුළු 4 ක් දවා ගැනීමට සමත් වුනා.
ඉන්පසුව පිටියට පැමිණි හෙන්රිච් ක්ලේසන් පන්දු 44 ක් තුල ලකුණු 71 ක් රැස් කරගත් අතර ඔහු සහ අභිනව් මනෝහර් එකතු වී ලකුණු 99 ක සබදතාවයක් ගොඩ නගමින් පිලේ අවසාන ලකුණු සංඛ්‍යාව කඩුළු අටක් දැවී ලකුණු 143 ක් බවට පත් කර ගත්තා.
මෙම ලකුණු ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා පන්දු 45 ක් තුල ලකුණු 70 ක් රැස් කලේ හයේ පහර කිහිපයක්ද සමගයි. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 14 ක් අවශ්‍යව තිබියදී ඔහු දැවී ගිය නමුත් පන්දු 19 ක් තුල ලකුණු 40 ක් නොදැවී ලබා සිටි සූර්යකුමාර් යාදෙව් ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණයෙන් අවසන් කලා.
ඒ අනුව මේ පරාජයත් සමගින් සන් රයිසස් පිල සම්පූර්ණ තරග සටහනේ අවසාන භාගයේ රැදි සිටින අතර මෙම ජයග්‍රහණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලියේ සිටින ප්‍රබලතම පිල බවට පත් වෙමින් සිටිනවා.