කමිදු මෙන්ඩිස් ගෙන් අති දක්ෂ පන්දු රැකීමක්!

සන් රයිසස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කින්ග්ස් පිල අතර පැවති තරගය ඊයේ එනම් (25) වෙනිදා චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදි චෙන්නායි පිල තමන්ගේ ඕවර 20 අවසානයේදි කඩුළු පහක් දැවී ලකුණු 154 ක් ලබා ගත් අතර එහිදී චෙන්නායි පිල වෙනුවෙන් මුල් වරට ක්‍රීඩා කල ඩෙවාල්ඩ් බ්‍රෙවිස් පන්දු 25 කදී ලකුණු 42 ක් ලබා ගත් අතර තමන්ගේ දෙවන තරගය ක්‍රීඩා කල ආයුෂ් මෙහෙත්‍රී ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් චෙන්නායි පිලට ඒ තරම් හොද ලකුණු සංඛ්‍යාවක් වෙත ගමන් කිරීමට අවස්තාවක් නොලැබූනු අතර මෙහෙත්‍රී ඉතා හොද ආරම්භයක් ලබා ගත්තත් ඔහු ඉතා ඉක්මනින් දැවී ගියා.

මෙහිදී දග පන්දු යවන ක්‍රීඩක කමිදුගේ දක්ෂතාවය කැපී පෙනුණු අතර ඔහු බ්‍රෙවිස් ගේ උඩ පන්දුවක් ඉතා දක්ෂ ලෙස අල්ලා ගැනීමට සමත් වුනා.

ඉන්පසුව ලකුණු 155 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි සන්රයිසස් පිලේ ඉශාන් කිශාන් ලකුණු 44 ක් රැස් කල අතර කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 32 ක් රැස්කර ගත්තා. චෙන්නායි පිල අති දක්ෂ පන්දු යැවීමක නිරත වූවත් සන් රයිසස් පිලට තමන්ගේ ඉලක්කය වෙත යාමට එය බාධාවක් වුනේ නැහැ.

ලකූණු 44 ක් ලබා සිටි කිෂාන් ඉන්පසුව දැවී ගියේ සෑම් කුරාන්ගේ පන්දුවක් හමුවේයි. වර්මා ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර ඔහු දැවී යාමට පෙර හයේ පහර දෙකක් වාර්තා කිරිමට සමත් වුනා.  එසේම තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතා හොදින් ක්‍රිඩා කල කමිදු සන් රයිසස් පිල ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වුනා.

ඒ අනුව සන්රයිසස් පිල ඕවර 18.4 ක් තුලදී විකට් 5 ක් අතැතිව ලකුණු 155 ක් ලබා ගමිනින් තරගය ජයග්‍රහණය කලා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *