කරච්චි කින්ග්ස් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් අතර ඊයේ දිනයේ එනම් 25 වෙනිදා පැවති තරගයේදී ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල ලකුණු 142 ක් ලබා ගත්තා.
කින්ග්ස් පිල ඉතා හොද ශක්තිමත් ආරම්භයක් තරගයේ මුලදීම ලබා ගත් අතර ඔවුන් තමන්ගේ පලමු ඕවර අට තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 75 ක් ලබා ගත්තා. එහිදී ටිම් සෙයිෆ්‍රට් සහ ජේම්ස් වින්ස් දෙදෙනා එක්ව ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර ඔවුන් දෙදෙනා පිලිවෙලින් ලකුණු 47ක් සහ 30 ක් ලබා ගත්තා. ඉනප්සුව විකට් කිහිපයක් ඉතා ඉක්මනින් දැවි ගිය අතර අවසානයේ ඔවුන්ට ඉතිරීවී තිබුනෙ ඕවර 8 ක් තුල ලකුණු 27 ක් පමණක් ලබා ගැනීමටයි. කෙසේ වෙතත් මේ අවස්තාවේ තමන්ගේ ග්‍රහණය දැඩි කල ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිලේ අබ්‍රාර් අහමඩ් සහ සෞද් ශකීල් අති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු අටක් දැවී ලකුණු 137 කට කින්ග්ස් පිල සීමා කිරීමට සමත් වුනා.
මුලින්ම පන්දුවට පහර දුන් ක්වෙට්ටා පිලේ ආරම්භක කඩුළු දෙක වන ෆින් ඇලන් සහ ශකීල් ඉතා ඉක්මනින් දැවී ගිය අතර ඉන්පසුව පිටියට පැමිණි ෆහීම් අක්‍රම් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එකතු වී ලකුණු පුවරුව ලකුණු 142 ක් දක්වා ඔසවා තබන්නට සමත් වුනා.
කෙසේ වෙතත් ඉතා තියුණු තරගයකින් පසු ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල ලකුණු පහක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ ලාහෝර් හී ගඩාෆී ක්‍රීඩාංගනයේදී මෙවැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායමක් ජයග්‍රහණය ලැබූ පලවෙනි අවස්තාව බවට පත් වුනා.