දිල්ලි කැපිටල්ස් පිල සහ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල අතර පැවති තරගයෙන් කඩුළු අටක ජයග්‍රහණයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත් වුනා. තමන් වෙත එල්ල වුන ලකුණු 160 ක අභියෝගය පසුපස හඹා ගිය දිල්ලි පිලට කඩුළු දෙකක් පමණක් දැවී ඕවර 17.5 ක් තුලදි ජයග්‍රහණය කිරීමට හැකි වුනා.
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කල කේ එල් රාහුල් නැවත කණ්ඩායමට සම්බන්ධ වීමෙන් පසුව සහභාගී වුණ මෙම තරගයේදී නොදැවී ලකුණු 57 ක් ලබා ගත් අතර ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේ නායක අක්සාර් පටෙල් පන්දු 20 ක් තුල රැස් කරගත් ලකුණු 34ත් සමගයි.
ඒ සමගින් අයි පී එල් තරගාවලිය තුල වේගවත්ම ලකුණු 5000 ලබා ගත් ක්‍රීඩකයා බවට රාහුල් පත් වුනේ ඉනිම් 130 ක් තුල එම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කරගනිමිනුයි.
අභිෂේක් පොරෙල් ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර ඔහු පන්දු 36 කදී ලකුණු 51ක් රැස් කර ගත්තේ මෙම තරගාවලියේ ඔහුගේ පළමු අර්ධ ශතකය රැස් කරගනිමිනුයි. ඉන්පසුව කරුන් නයියර් ඉතා ඉක්මනින් දැවී ගිය අතර රාහුල් සහ පොරෙල් දිල්ලි පිලේ ඉනිම ගොඩ නැගීමට විශේෂ දායකත්වයක් ලබා දුන්නා.
පන්දු යැවීමේදී ඉතා හොද දක්ෂතාවයක් දැක්වූ මුකේෂ් කුමාර් ලකුණු 33 කට කඩුළු 4 ක් දවා ගත් අතර ඒ ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස වාර්තා වුනා. ලක්නව් පිල ලකුණු 87 ක් ලබාගෙන එකදු කඩුල්ලක් හෝ නොදැවී ඉතා ශක්තිමත් ආරම්භයක් ගෙන සිටියත් ඉන්පසුව ඔවුන්ගේ කඩුළු ඉතා ඉක්මනින් දැවී ගිය අතර ඉන්පසුව ඔවුන්ගේ ලකුණු පුවරුව වාර්තා වුනේ කඩුළු හයක් දැවී ලකුණු 159 ක් ලෙසයි.
මුකේෂ් ගේ පිට දග පන්දු සහ යෝකර් දග පන්දු හමුවේ බොහොමයක් ලක්නව් පිලේ පිතිකරුවන් දැවී ගිය අතර ඒ අතරට අබ්දුල් සමාද් සහ මිචෙල් මාර්ෂ් ද අයත් වෙනවා.
ලක්නව් පිල තමන්ගේ කණ්ඩායමේ නායක රිශාබ් පෑන්ට් පිතිකරණ අනුපිලිවෙලේ හත් වන ස්තානයට දැමීමට කටයුතු කල අතර පන්දු දෙකකට මුහුණ දීමෙන් පසු ඔහු දැවී ගියා.
ලක්නව් පිල ඒඩන් මැක්‍රම් ගේ ලකුණු 52 සහ මිචෙල් මාර්ෂ්ගේ ලකුණු 45 සමගින් ඉතා හොද තත්වයක සිටියත් ඔවුන්ට ඉනිම ශක්තිමත් ආකාරයට අවසන් කිරීමට අවස්ථාව උදා වුනේ නැහැ. ඔවුන්ට අවසන් ඕවර 10 පුරාම ලබා ගත හැකි වුනේ ලකුණු 72 ක් පමණයි.
දිල්ලි පිලේ නායක අක්සාර් පටෙල් ඉතා හොදින් කිරිඩා කල අතර ඔහු පන්දු යැවූ ඕවර හතර පුරාම ඔහු ලබා දී තිබුණේ ලකුණු 29 ක් පමණයි. එමෙන්ම ඔහු පන්දුවට පහර දෙද්දි නොදැවී ලකුණු 34 ක් ද ලබා ගැනීමට සමත් වුනා.
මෙම ජයග්‍රහණයත් සමගින් දිල්ලි පිල ගුජරාත් පිල සමග ලකුණු සටහනේ ඉහලටම ගමන් කිරීමට සමත් වී තිබෙනවා.