විරාත් කෝලි ඇතුළු කොල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම දණ ගස්වයි.

2025 වසර IPL තරගාවලියේ පළමු තරගය ඊයේ සෙනසුරාදා දිනයේදී ඒඩ්න් ගාර්ඩ්න්ස් පිටියේදි පැවැත්වුනේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම අතරයි. මේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 174 ක් රැස් කලත්, එම ලකුණු ප්‍රමාණය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඕවර් 16 ක් සහ පන්දු දෙකකදී තමන්ගේ ජයග්‍රහණය වාර්තා කිරිමට සමත් වුනා. කෘනාල් පාන්ඩයා ලකුණු 29 කට විකට් තුනක් ලබා ගනිනින් විශ්ෂ්ඨ දක්ෂතාවයක් දක්වද්දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 22 කට විකට් දෙකක් දවා ගැනීමට සමත් වුනේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය තව දුරටත් ශක්තිමත් කරමිනුයි.

ඉන් පසුව පිතිකරණයෙන් විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ පිල් සෝල්ට් සහ විරාත් කෝලි අර්ධ ශතකය බැගින් වාර්තා කරමින් තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය වෙත ඔසවා තබන්නට සමත් වුනා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වූ එකම ක්‍රීඩකයා වුනේ  අර්ධ ශතකයක් රැස් කල කණ්ඩායම් නායක අජින්ක්‍යා රහ්නේ පමණයි.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *