2025 IPL තරගාවලිය ආරම්භ කරමින් රෝයල් චැලෙන්ජර්ස් (RCB) බෙංගලූරු සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) අතර පැවැත්වුණු තරගයේදී පන්දු 36 කදී ලකුණු 59ක් රැස් කල විරාත් කෝලි සුවිශිෂ්ඨ පිතිකරණයක නිරත වුනා. ඔහුගේ මෙම ඉනිමත් සමග විකට් 7 ක් සහ පන්දු 23 ක් අතැතිව තිබියදී RCB කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණය වාර්තා කලා. කෝලිගේ ඉනිම වර්ණවත් හයේ පහර තුනකින් වර්ණවත් වුණු අතර ඔහුගේ ස්ට්‍රයික් රේට් අගය පැවතුනේ 163.89 ක් තරම් ඉහල අගයකයි.
IPL ඉතිහාසය තුලදී KKR කණ්ඩායමට එරෙහිව ලකුණු දහස ඉක්මවා රැස් කල පළමු ක්‍රීඩකයා බවට පත් වීමටත් ඊයේ දිනයේදී කෝලි සමත් වුනා. කෝලි ගේ වසර 18 ක ක්‍රීඩා දිවිය පුරා ඔහු KKR කණ්ඩායමට එරෙහිව මේ වන විට තරග 32 කදී ලකුණු 1021 ක් රැස් කර තිබෙන්නේ ශතක එකක් සහ අර්ධ ශතක 7 ක් සමගයි.
මීට පෙර කෝලි චෙන්නායි සුපර් කින්ග්ස්, පන්ජාබ් කින්ග්ස්, දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් වලටත් එරෙහිව ලකුණු දහසකට වඩා රැස් කර තිබෙනවා. මෙම දක්ෂතාවය දක්වා තිබෙන එකම ක්‍රීඩකයාද විරාත් කෝලි පමණක් වීම විශේෂ කාරණයයි.
ඒවගේම ඔහු ඊයේ තැබූ තවත් එක් වාර්තාවක් වන්නේ එකම කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කාලයක් ක්‍රීඩා කල ක්‍රීඩකයා ලෙසයි. RCB කණ්ඩායම වෙනුවෙන් 2008 වසරේ සිට ක්‍රීඩා කල ඔහු එතැන් පටන් මේ වන තුරුම රැදි සිටියේ RCB කණ්ඩායම සමගයි. ඒ වගේම කෝලී ඊයේ දිනයේ සහභාගී වුනේ ඔහුගේ විස්සයි විස්ස, 400 වෙනි තරගයටයි. රෝහිත් ෂර්මා සහ දිනේෂ් කාර්තික්ට පසුව වැඩිම තරග ප්‍රමාණයකට් සහභාගී වී තිබෙන්නේ විරාත් කෝලි වන අතර තරග 391 ක් ක්‍රීඩා කර තිබෙන MS දෝනි නුදුරේදීම මෙම ලැයිස්තුවට එකතු වීමට නියමිතව තිබෙනවා.