ඊයේ දිනයේදී (7 වෙනිදා) රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් අතර පැවති තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වුනා.
රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට මෙම තරගය වඩාත් සුවිශේෂී එකක් වුනේ ඔවුන් මෙම තරගය පැවැත්වුණු වන්කඩේ ක්‍රීඩාංගනයේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයෙ කලේ වසර 10 කට පසු වීමයි. මීට පෙර අයි පී එල් තරගාවලියේදී ඔවුන් වසර 17 කට පසුව Chepauk ක්‍රීඩාංගනයේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහිවද ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේඑ හාර්දික් පාන්ඩ්‍යා සහ තිලක් වර්මා, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නත් තරගය ජය ගැනීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. ඔවුන් දෙදෙනා ලකුණු 99 ක් ලබාගෙන කඩුළු හතරක් දැවී සිටි තම කණ්ඩායම ඉහලටම ඔසවා තැබීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා පන්දු 34 කට මුහූන දෙමින් ලකුණු 89 ක් රැස් කර ගත්තා. මෙම මොහොත වන විට මුම්බායි ඉන්දියන්ස් පිලට තමන්ගේ අවසාන ඕවර අට තුලදී ලබා ගැනීමට නියමිතව තිබුනේ ලකුණු 123 ක් පමණයි. කෙසේ හෝ අවසානයේ එම ලකුණු සංඛ්‍යාව අවසන් ඕවර තුන තුලදී ලකුණු 41 ක් දක්වා අඩු වුනා. නමුත් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ දග පන්දු වන්නන් වන භුවනේෂ්වර් කුමාර්, ජොෂ් හේසල්වුඩ් සහ කෘනාල් පාන්ඩ්‍යා සාර්ථක ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල මර්ධනය කිරීමට සමත් වුනා.
තරගය ආරම්භයේදීම Rajat Patidar සහ විරාත් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම වෙනුවෙන් ආක්‍රමණශිලී අර්ධ ශතක දෙකක් රැස් කල අතර Patidar ලකුණු 64 ක් රැස් කර ගනිද්දී කෝලි ලකුණු 67 ක් ලබා ගත්තේ ඔහුගේ අයි පී එල් ඉතිසාහයේ 2019 වසරෙන් පසු ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය සහ පන්දු 30 කට අඩුවෙන් 2018 වසරට පසුව ලබා ගත් පලමු අර්ධ ශතකය වාර්තා කරමිනුයි.
පිටියට පැමිණි කෝලි, Patidar ට පිටියට තුල ස්ථාවර වීමට අවස්ථාව ලබා දුන් අතර කෝලිගේ ඉලක්කය බවට පත් වුනේ හාර්දික් පාන්ඩ්‍යාගේ පන්දු වලට හොදින් මුහුණ දීමයි. කෙසේ හෝ ඉන්පසුව පිටියට පිවිසි ජිතේෂ් ශර්මාත් අත්‍යාවශ්‍යම මොහොතේ ලකුණු රැස් කරමින් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ඉනිම ලකුණු 221 දක්වා ගෙන යාමට සමත් වුනා. මෙහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වීමට Jasprit Bumrah සහ පාන්ඩ්‍යා සමත් වුනා.
ලකුනු 221 කට ඉලක්කය හබා යාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් පිල අසාර්ථක ආරම්භයක් ලබා අත් අතර හේසල්වුඩ් සහ සුයාෂ් ශර්මා පලමු ඕවර පහ තුලදී ලකුණු 21 ක් ලබා ගත්තා. 12 වන ඕවරය වන විට මුම්බායි ඉන්දියන්ස් පිලේ ජය ලබා ගැනීමේ ප්‍රතිශතය සියයට 2.25 දක්වා බිද වැටුණු අතර නමුත් හාර්දික් පාන්ඩ්‍යා සහ තිලක් වර්මා ක්‍රියාත්මක වෙමින් හාර්දික් පන්දු 15 කදී ලකුණු 42 ක් සහ තිලක් පන්දු 29 කදී ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු භුවනේෂ්වර් කුමාර් සහ හේසල්වුඩ් අවශ්‍යම මොහොතේ අවශ්‍යම විකට් කිහිපය ලබා ගැනීමට සමත් වුනා. කෙසේ හෝ මුම්බායි ඉන්දියන්ස් පිලේ දැඩි උත්සාහය මධ්‍යයේ උවද ලකුණු 12 ක තියුණු ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වුනා.