රාහුල් ගේ පිතිකරණයෙන් උඩු යටිකුරු වුණු ජයග්‍රහණය.

ඊයේ දිනයේදී එනම් 10 වෙනිදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු හයක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට එම් චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුනා. ඒ අනුව මේ ජයත් සමග මේ වාර්තා වුනේ දිල්ලි කණ්ඩායම එක පිට එක ලබා ගත් හතරවන ජයග්‍රහණයයි. ඒ අනුව මේ පරාජය සැලකෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල එක පිට එක ලබා ගත් දෙවන පරාජය ලෙසයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල රෝයල් චැලෙන්ජර්ස් පිල ඉතා හොද ආරම්භයක් ලබ ගත් අතර ඔවුන් පලමු ඕවර තුන තුලදී ලකුණු 53 ක් ලබා ගත්තේ කඩුළු ලබා ගැනීමෙන් තොරවයි. නමුත් ඉන්පසුව ඔවුන්ගේ පිතිකරණ ඉනිම අසාර්ථක වූ අතර ඊලග ඕවර 15 සදහාම ඔවුන් රැස් කරගත්තේ විකට් 7 ක් දැවී ලකුණු 74 ක් පමණයි.

කෙසේ හෝ රෝයල් චැලෙන්ජර්ස් පිල තමන්ගේ ඕවර 20 අවසානයේ කඩුළු හතක් දැවී ලකුණු 163ක් රැස් කරගත් අතර ෆිල් සෝල්ට් ඉනිම ආරම්භයේදී ලබා ගත් වේගවත් ලකුණු 37ත් අවසානයේ ටිම් ඩේවිඩ් ඕවර දෙකක් තුලදි නොදැවී ලබා ගත් ලකුණු 37ත් මෙම ලකුණු ප්‍රමණයට විශාල දායකත්වයක් ලබා දුන්නා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ඉතා හොද පන්දු යැවීමක නිරත වුන විප්‍රාජ් නිගම් සහ කුල්දිප් යාදෙව් මැදි ඕවර තුලදී විකට් දෙක බැගින් ලබා ගනිමින් රෝයල් චැලෙන්ජර්ස් පිලට ඉතා හොද අභියෝගයක් ලබා දුන්නා.

ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අරම්භයේදී තරමක් අසාර්ථක වූ අතර ඔවුන් 11 වන ඕවරයේදී කඩුළු හතරක් දැවී ලබා සීටියේ ලකුණු 67ක් පමණයි. ඒ අනුව ඔවුන් ලබා ගත යුතු ලකුණු සාමාන්‍යයේ නොසිටි නිසා බොහෝ දෙනෙක් රෝයල් චැලෙන්ජර්ස් පිලේ ජයග්‍රහණය බලාපොරොත්තු වුනා.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි කේ එල් රාහුල් තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කල අතර මුලදී මන්දගාමී ආරම්භයක් ලබා ගත් ඵු ඉන්පසුව පන්දු 29 කදී ලකුණු 29 ක් පමණක් ලබා ගත්තා. නමුත් ඉන්පසුව අතිශයින් ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වුණු ඔහු ට්‍රිස්ටන් ස්ටබ්ස් සමග එකතු වී පස්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සමබ්න්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව පන්දු 53 ක් තුලදී ලකුණු 93 ක් ලබා ගත් ඔහු ජයග්‍රාහී ලීලාවෙන් තරගය අවසන් කලා. ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු 13 ක් ඉතිරිව තිබියදි  තරගය ජය ගැනීමට සමත් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *