ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කල්කටා කයිට් රයිඩර්ස් අතර ප්‍රබල සටනක්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායම(LSG)  සහ කල්කටා කයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම අතර පැවති තරගය අතිශයින් උද්වේගකර එකක් බවට පත් වුනා. මුලින්ම පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 238 ක් ලබා ගත් අතර ඒ ඔවුන් අයි පී එල් තරග ඉතිහාසයේ ලබා ගත් දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයි. මෙම ඉනිමේදි Mitchell Marsh ලකුණු 81 ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහු 2025 අයි පී එල් තරගාවලියේ ලබා ගත් දෙවන අර්ධ ශතකයයි. එමෙන්ම නිකොලස් පූරන් පන්දු 36 ක් තුලදී ලකුණු 87 ක් ලබා ගත් අතර Aiden Markram තමන්ගේ කණ්ඩායමට ලකුණු 47 කින් දායකත්වය ලබා දුන්නා. කෙසේ වෙතත් මෙම ප්‍රබල ඉනිමත් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල වුනා.

ඒ අනුව මෙම ලකුණු ප්‍රමාණය හඹා යාමට පිටියට පිවිසි කල්කටා කයිට් රයිඩර්ස් කණ්ඩායම, තමන්ගේ පවර් ප්ලේ ඕවර හය තුලදී විශිෂ්ඨ ලකුණු 90 ක් ලබා ගත්තා. අජින්ක්‍යා රහනේ පන්දු 35 කින් ලකුණු 61 ක් ලබා ගත් තර වෙන්කටේෂ් අයියර් ලකුණු 45 ක් ලබා ගනිමින් ඔහුට අගනා සහයක් දෙද්දී සුනිල් නරිනේද ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කලා. ඔවුන් ගේ මෙම ලකුණු වල එකතුව කල්කටා නයිට් රයිඩර්ස් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහල නැංවිමට සමත් වුණු අතර 13 වන ඕවරයේදී ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වී තිබුනේ කඩුළු දෙකක් දැවී ලකුණු 162 ක් ලෙසයි. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වී තිබුනේ පන්දු 43 කදි ලකුණු 77 ක් පමණයි. නමුත් ඉන් පසුව කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මැදි පෙල ක්‍රමයෙන් අසාර්ථක වෙන්නට පටන් ගත් අතර ඔවුන් එල්ල කිරීමට ගිය දැවැන්ත පහරවල් නිසා ඔවුන් දැවී යන්නට පටන් ගත්තා.

ඒ අනුව Ramandeep Singh, Angkrish Raghuvanshi සහ ඇන්ඩෲ රසල්ද දැවී ගිය අතර ඉන්පසුව from Shardul Thakur ද දැවී ගියා. නමුත් මීලගට පිටියට පිවිසි රින්කු සින්හ් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පන්දු 15 ක් තුල ලකුණු 38 ක් ලබා ගත් නමුත් අවසානයේ කල්කටා නයිට් රයිඩර්ස් පිලේ ඉනිම කඩුළු හතක් දැවී ලකුණු 234 ක් ලෙස අවසන් වුනේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුනු හතරක් පමණක් ඉතිරිව තිබීයදීයී

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *