ඊයේ දිනයේදී (10 වෙනිදා) පැවති තරගයෙන් ගුජරාත් ටයිටන්ස් පිල, රාජස්තාන් රෝයල්ස් පිල ලකුණු 58 කින් පරාජය කිරීමට සමත් වුනා. ඒ අනුව ගුජරාත් ටයිටන්ස් පිල මේ තරගාවලිය තුල ලබා ගත් හතරවන ජයග්‍රහණයයි මේ. ඒ අනුව ඔවුන් මේ වන විට රැදී සිටින්නේ 2025 අයි පී එල් තරගාවලියේ ලකුණු පුවරුවේ ඉහලම ස්ථානයේයී.
ගුජරාත් ටයිටන්ස් පිල මුලින්ම පන්දුවට පර දීමට තීරණය කල අතර ඔවුන් කඩුළු හයක් දැවී ලකුණු 217 ක් ලබා ගත්තේ සායි සුදර්ශන් විසින් පන්දු 53 ක් තුල රැස් කරගත් අගනා ලකුණු 82 ත් සමගයි. ඒ අනුව මෙම අර්ධ ශතකය මෙම තරගාවලියේ ඔහු ලබා ගත් තුන්වන අර්ධ ශතකය බවට පත් වුනා. මුල පටන්ම ආක්‍රමණශීලීව පන්දුවට පහර දුන් ඔහුට අගනා සහයෝගයක් ලබා දීමට ජොස් බට්ලර් සහ ශාරුක් ඛාන් සමත් වුනා. එමෙන්ම අවසන් ඕවර කිහිපය තුලදී රාහුල් තෙවාටියා සහ රශීඩ් ඛාන් ලාබ ගත් ලකුණු ප්‍රමාණයත් සමග ඔවුන්ට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට හැකි වුනා.
මෙම ලකුණු ප්‍රමාණය හඹා යාම සදහා ඉන්පසුව පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 159 ක් පමණයි. මෙහිදී Shimron Hetmyer ලකුණු 52 ක් ලබා ගත්තත් ඔහුගේ උත්සාහය සාර්ථක වුනේ නැහැ. තරගය තුලදී Prasidh ලකුණු 24 කට කඩුළු 3 ක් ලබා ගත් අතර ඔවුන් රාජස්ථාන් රෝයල්ස් පිලේ ඉනිම සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිමට සමත් වුනා.
තරගය තුලදී ජොෆ්‍රා ආකර්ගේ පන්දු යැවීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ අතර ඔහු විසින් එක් වරකදී සායි සුදර්ශන් කට පැයට කිලෝමීටර 152.3 කින් යුතු පන්දුවක්ද යවා හ්ටිබුනා. එසේම ඔහු ශුබ්මන් ගිල්ගේ විකට්ටුවද ලබා ගැනීමට සමත් වුනා.
සුදර්ශන් තරගය පුරා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ අතර ඔහු ඕවර 5 ක් සහ පන්දුවක් තුලදී ලකුණු 39 ක් රැස් කර ගත්තා.
එමෙන්ම Prasidh Krishna අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් අත්‍යාවශ්‍ය වී තිබූ සන්ජු සිම්සන්ගේ සහ ජෝෆ්‍රා ආකර්ගේ කඩුළු දවා ගැනීමට සමත් වුනා.
එසේම රශීඩ් ඛාන් ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ Dhruv Jurel සහ Hetmyer පහසුවෙන් දවා ගැනීමට ඔහුට හැකි වුනා.
ඒ අනුව මෙම තරගය ගුජරාත් ටයිටන්ස් පිල විසින් ඉතා පහසුවෙන් ජය ගත් අතර බොහො දෙනෙක් මේ වන විට ඔවුන්ගේ ජයග්‍රහණය පිලිබදව අපේක්ෂා සහගතව සිටිනවා.