කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු අටක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා. ඉතාමත් අසීරු තත්වයකට පත් වුණු චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුළු නවයක් දැවී ලකුණු 103 කට සීමා වූ අතර මෙම ලකුනු ප්‍රමාණය ඉතා පහසුවෙන් ලබා ගැනීමට කල්කටා කණ්ඩායම සමත් වුනේ කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 107 ක් ලබා ගනිමිනුයි. මෙම තරගය පුරාම පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් දැක්වූ සුනිල් නරිනේ ගේ දස්කම් කැපී පෙනුනු අතර ඔහු ලකුණු 13 ක් ඇතුලත කඩුළු 3 ක් ලබා ගත් අතර පිතිකරණයේදීද වේගවත් ලකුණු 44 ක් ලබා ගත්තා.
බොහෝ දෙනෙක් විශ්වාස කලේ තරගය පැවති තණ තිල්ල වේග පන්දු යවන්නන්ට වඩාත් සුදුසු බවටයි. මේ හේතුව නිසාම පන්දු යැවීමේ නිරත වුණු කල්කටා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් වන නරිනේ, වරුන් චක්‍රවර්තී සහ මෝන් අලී තුන් දෙනා එක්ව 12 වන ඕවරය වන විට ලකුණු 55 ක් පමණක් ලබා දෙමින් කඩුළු හයක් දක්වා ගත්තේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තවත් දුරටත් අසීරුතාවයට පත් කරමිනුයි.
අජින්ක්‍යා රහනේ, තමන්ගේ නායකත්ව තීරණ ඉතා හොදින් ලබ ගත් තර ඔහු පන්දු යැවීම සදහා වමත් වේගපන්දු යවන මෝන් අලී තෝරා ගෙන තිබුනා. ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාවයත් සමගින් චෙන්නායි පිල පවර්ප්ලේ ඕවර අවසන් වන විට ලබා ගෙන සිටියේ කඩුළු දෙකක් දැවී ලකුණු 31 ක් පමණයි.
කෙසේ වෙතත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලබා ගත් මේ ලකුණු සංඛයාව ඔවුන් අයි පී එල් ඉතිහාසයේ ලබා ගත් අඩුම ලකුණු සංඛාව ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා. මේ වන විට එක දිගටම තරග පහක් පරාජය වී සිටින චෙන්නායි සුපර් කින්ග්ස් පිල බොහො දෙනෙකුගේ අවධානයට ලක් වී සිටින්නේ ඔවුන් මීට පෙර අයි පී එල් ඉතිහාසයේ ඉතා හොද දස්කම් දැක්වූ පිලක් නිසායි. එම් එස් දෝනි නායකයා ලෙස නැවතත් කණ්ඩායමට පැමිණීමෙන් පසුව වුවත් වඩාත් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.
කෙසේ හෝ තමන්ට ගැලපෙන තනතිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගත් කල්කටා නයිට් රයිඩර්ස් පිල ඉතා විශිෂ්ට ජයක් ලබ ගැනීමට සමත් වුනා.