පන්ජාබ් කින්ග්ස් වෙනුවෙන් ආර්යාගේ පිත්තෙන් විශිෂ්ඨ ඉනිමක්.

පන්ජාබ් කින්ග්ස් (PBKS) කන්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) අතර පැවති තරගය ඊයේ දිනයේදී (8 වෙනිදා) පැවැත්වුනා.  ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම කඩුළු හයක් දැවී දැවැන්ත ලකුණු 219 ක් රැස් කර ගැනීමට සමත් වුනා. මෙහිදී තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42 ක් තුල ලකුණු 103 ක් ලබා ගත් ප්‍රියන්ෂ් ආර්‍යා කැපී පෙනූනා.  එමෙන්ම ඔහු තමන්ගේ ශතකය වෙත ලබා වුනේ පන්දු 39 ක් තුලදි වූ අතර ඒ අනුව ඒ ඉන්දීය ක්‍රීඩකයෙක් අයි පී එල් ඉතිසාහයේ ලබා ගත් හතරවන වේගවත්ම ශතකය ලෙස වාර්තා වුනා. ඔහුට ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් තුන් දෙනා වන්නේ ක්‍රිස් ගේල්, යුසුෆ් පතන්, ඩේවිඩ් මිලර් යන තිදෙනායි.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පන්දු රැකීමේදී උඩ පන්දු පහක් අත් හැර දැමූ අතර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් ආර්‍යා ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කලා. ඉන්පසුව ඔහු දැවී ගිය අතර ඉන්පසුව වගකීම බාර ගත් ශෂන්ක් සිංහ් නොදැවී ලකුණු 52 ක් ලබා ගනිමින් සහ Marco Jansen ලකුණු 34 ක් ලබා ගනිමින් පංජාබ් ඉනිම ශක්තිමත් කලා.

ඉන්පසුව ලකුණු 220 ක ඉලක්කයක් හබා යාම වෙනුවෙන් පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තමන්ගේ පලමු ඕවර හයේදී ඉතා හොද ආරම්භයක් ලබා ගත්තා. Devon Conway සහ Rachin Ravindra ශක්තිමත් සබදතාවයක් ගොඩ නගා ගනිමින් ලකුනු 59 ක් රැස් කර ගත්තා. Conway පන්දු 49 ක් තුලදී ලෞණු 69 ක් ලබා ගෙන පිටියෙන් ඉවත් වී ගිය පසු චෙන්නායි පිලට පන්දු 13 ක් තුල ලකුණු 49 ක් අවශ්‍ය වුනා.

අවසානයේ පිටියට පැමිණි එම් එස් දෝනි සහ රවින්ද්‍ර ජඩේජා විශාල වෙහෙසක් ලබා ගත් නමුත් චෙන්නායි සුපර් කින්ග්ස් පිලේ ඉනිම කඩුළු පහක් දැවි ලකුණු 201 ක් ලෙස අවසන් වුනා. ඒ අනුව ඔවුන් තරගය පරාජය වුනේ ලකුණු 18 කිනුයි. ඒ අනුව මේ චෙන්නායි පිල එල් පී එල් තරගාවලියේ ලබා ගත් හතරවන පරාජයයි. ඒ අනුව ඔවුන් ක්‍රීඩා කල අවසන් තරග 11 පුරාම ලකුණු 180 ට වඩා වැඩි සීමාවක් හබා ගොස් ජය ගැනීමට ස්මත් වී නැහැ.

මෙම තරගය පුරාම ආර්යාගේ ඉනිම බෝහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ අතර බොහෝ දෙනෙක් ඔහු විරේන්ද්‍ර ශෙවැග් හා සමාන බවට අදහස් දක්වා තිබෙනවා. එසේම ඔහුගේ පුහුණුකරු රිකී පොන්ටින් ද ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු අතිශය දක්ෂ සහ විශේෂ ක්‍රීඩකයෙක් බවටයි.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *