මැක්‍රම් සහ පූරන්ගෙන් විශිෂ්ඨ ඉනිමක්!

අතිශයින් උද්වේගකර තරගයකින් පසුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩුළු හයකින් පරාජය කිරීමට සමත් වුනා. ලකුණු 181 ක් වුණු තමන්ගේ තරග ඉලක්කය හඹා ගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දු තුනක් පමණක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සමත් වුනා.  මෙහිදී ඒඩන් මැක්‍රම් ගේ සහ නිකොලස් පූරන්ගේ දක්ෂතා කැපී පෙනුණා.  ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමගින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු පුවරුවේ තුන් වන ස්ථානට පැමිණීමට අවස්ථාව හිමි වුනා.

පන්දුවට පහර දීමේදි ඉතා හොද ආරම්භයක් ලබා ගත් ගුජරාත් ටයිටන්ස් පිලේ සුබ්මන් ගිල් සහ සායි සුදර්ශන් ලකුණු 120 ක ආරම්භක සබදතාවයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. පවර් ප්ලේ ඕවර වලදී ලකුණු 54 ක් ලබා ගත් ඔවුන් දෙදෙනා ආකර්ෂනීය ක්‍රීඩා රටාවක නිරත වුනා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සබදතාවය බිද වැටීමෙන් පසුව ගුජරාත් පිලේ ලකුණු ලබා ගැනීම මන්දගාමී වූ අතර ඔවුන්ට ඉතිරි ඕවර අට පුරාම විකට් හයම බිද වැටී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 60 ක් පමණයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ පන්දු යවන්නන් හොද පන්දු යැවීමක නිරත වූ අතර රවී බිෂ්නොයි සහ දිග්වේෂ් රතී ගුජරාට් ටයිටන්ස් පිලේ සියලුම බලාපොරොත්තු තබා ගෙන සිටි කඩුළු කිහිපයක්ම ලබා ගැනීමට සමත් වුනා.

ලක්නව් සුපර් ජයන්ට් පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ඒඩන් මැක්‍රම් සහ රිශාබ් පෑන්ට් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර වසර නවයකට පසු ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පැමිණි පෑන්ට්, පවර් ප්ලේ ඕවර තුලදී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කලා.  ඔහුපන්දු 31 ක් තුලදි වේගවත් ලකුණු 58 ක් ලබා ගත් අතර පූරන් පන්දු 34 කදී ලකුණු 61 ක් ලබා ගත්තා.

ඒ සමගින් ගුජරාත් ටයිටයින්ස් පිල ජයග්‍රහණ හතරකට පසු තමන්ගේ පලමු පරාජය අත් පත් කර ගන්නට සිදු වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *