කෝලි සහ පිල් සෝල්ට් ගෙන් අගනා ඉනිමක්.

2025 අයි පී එල් තරගාවලියේ ජායිපූර් හි පැවති පලමු තරගයෙන් රාජස්තාන් රෝයල්ස් පිල කඩුළු නවයකින් පරාජය කරමින් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කන්ඩායම සමත් වුනා. රෝයර්ල් චැලෙන්ජර්ස් පිලේ ඉතා දක්ෂ පිතිකරුවන් අට දෙනෙක්ගෙන් සමන්විත වන අතර රාජස්ථාන් රෝයල්ස් පිලට පිතිකරණය සදහා දක්ෂ ක්‍රීඩකයන් සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. යෂස්වි ජයිස්වාල් රාජස්ථාන් පිල වෙනුවෙන් අගනා ලකුණු 75 ක් රැස් කලත් ඔවුන්ට කණ්ඩායමක් වශයෙන් ලබා ගැනීමට හැකි  වුනේ ලකුණු 173 ක් පමණයි.

පිල් සෝල්ට් රෝයර් චැලෙන්ජර්ස් පිල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 65 ක් ලබා ගත් අතර ඔහු උත්සාහ කලේ හතරේ සහ හයේ පහර හැකි තරම් එල්ල කිරීමට වූ අතර ඔහුට එවැනි විශිෂ්ට පහර 11 ක් එල්ල කිරීමට හැකි වුනා. නොබියව පන්දුවට මුහුණ දුන් ඔහු ජොෆ්‍රා ආකර් ගේ පන්දු වලටත් ඉතා හොදින් පහර එල්ල කල අතර ඔහු තරගය පුරාම කැපි පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වුනා.

 කෙසේ හෝ අවසානයේදී නොදැවී ලකුණු 62 ක් ලබා ගෙන සිටි විරාත් කෝලි සමග එකතු වී ලකුණු 173ක ඉලක්කය හඹා ගිය ඔහු අවසනයේ කිසිදු ආයාසයකින් තොරව තමන්ගේ පිල ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වුනා. ඉතා සං‍යමයකින් පන්දු වලට තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් කෝලිගේ පිතිකරණයත් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *