ඊයේ 19 වෙනිදා, ගුජරාත් ටයිටන්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර අතිශයින් උද්වේගකර තරගයක් ඇති වුණා. මෙම තරගයේදී දිල්ලි පිල කඩුළු අටක් දැවී ලකුණු 203 ක් රැස් කරගත් අතර එම ලකුණු සංඛයාව හඹා ගිය ගුජරාත් පිල කඩුළු තුනක් දැවී ලකුණු 204 ක් ලබා ගත්තේ පන්දු හතරක් පමණක් ඉතිරිව තිබියදීයි. ඒ අනුව එය සැලකුනේ අහමදාබාද් හීදී ලකුණු 200 සීමාව ඉක්මවා ගොස් ගුජරාත් පිල ජයගත් දෙවන අවස්ථාව ලෙසයි. එමෙන්ම ලකුණු 200 කට වඩා වාර්තා කිරීමෙන් පසුවත් දිල්ලි පිලට තරගය ජය ගැනිමට නොහැකි වූ පලමු තරගය ලෙසයි.
මුලින්ම පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ අභිශේෂ් පොරෙල් සහ කරුන් නයියර් යන ක්‍රීඩකයන් දෙපලයි. පොරෙල් ආරක්ෂණීය පහර දෙකක් සමග ඉතා හොද ආරම්භයක් ලබා ගත්තත් ඔහු පලමු ඕවරයේදීම දැවී ගියා. ඉන්පසුව පිටියට පිවිසි කේ එල් රාහුල් පන්දු 14 කදී ලකුණු 28 ක් ලබා ගත් අතර කරුන් නයියර් පන්දු 18 කදී ලකුණු 31 ක් ලබා ගත්තා.
ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කල ලකුණු ප්‍රමාණයත් සමගින් දිල්ලි පිල නව වන ඕවරය වන විට ලකුණු 100 ඉක්මවා ගිය අතර අක්සාර් පටෙල් සහ ස්ටබ්ස් පන්දු 36 කදි ලකුනු 53 ක සබදතාවයක් ගොඩ නගා ගත්තා. කෙසේ හෝ ඔවුන් ඕවර 15 ක් අවසානයේ ලකුණු 150 ක් රැස් කර ගත්තා.
කෙසේ හෝ ඉනිම අවසාන භාගයේ පිටියට පැමිණි අශුතෝෂ් ශර්මා ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර ඒ සමගින් ඔවුන් කඩුළු අටක් අවසානයේ ලකුණු 203 ක් ලබා ගත්තා.
ඉන්පසුව මෙම ලකුණු ඉලක්කය හබා යාම වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් පිල පිටියට පැමිණියා.
මෙම තරගයේ වීරයා බවට පත් වුණු ජොස් බට්ලර් නොදැවී ලකුණු 97 ක් රැස් කල අතර ඕවර විස්ස පුරාම පිටියේ රැදී සිටි ඔහු අතිශයින් ආකර්ෂණීය ඉනිමක් ක්‍රීඩා කලා. ඔහු සායි සුදර්ශන් සමග ලකුණු 60 ක සබදතාවයක් ගොඩ නගා ගත් අතර ශර්ෆේන් රතර්ෆෝර්ඩ් සමග ලකුණු 119 ක සබදතාවයක් ගොඩ නගා ගත්තා.
රතර්ෆෝර්ඩ් ගේ දැවී යාමෙන් පසුව ගුජරාත් ටයිටන්ස් පිලට අවසාන ඕවරය තුලදී ලකුණු 10 ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියට පැමිණි රාහුල් ටෙවාටියා තමන්ට එල්ල වූ පලමු පන්දුවට හයේ පහර එල්ල කල අතර දෙවන පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.
මයිකල් ස්ටාර්ක් ගේ පන්දු ව්ලට නොබියව පහර එල්ල කල බට්ලර්, ස්ටාර්ක්ගේ එක් ඕවරයකදී ලකුණු 20ක් ලබා ගත් අතර ඒ සමගින් ගුජරාත් පිලට අවශ්‍යව තිබූ ලකුණු වේගය අත් පත් කර ගැනීමට ඔවුන් සමත් වුනා.
ලකුණක් ලබා ගැනීම වෙනුවෙන් දිව යද්දී ගුජරාත් පිලේ නායක ශුබ්මන් ගිල් දැවී ගිය නමුත් ඉන්පසුව පිටියට පිවිසි බට්ලර් සහ සායි සුදර්ෂන් පලමු ඕවර හය තුලදී ලකුනු 67 ක් රැස් කලා. කුල්දීප් යාදෙව් ගේ පන්දුවක් හමුවේ සායි සුදර්ශන් දැවී යාමෙන් පසුව පියට පැමිණි රදර්ෆෝර්ඩ් ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කලා.
ඒ වගේම බට්ලර් පන්දු 32 ක් තුලදී තමන්ගේ අර්ධ ශතකය ලබා ගැනීම කැපී පෙනුනා.