විරාත් කෝලි 67ත් වන අර්ධ ශතකය වාර්තා කරයි.

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල සහ පන්ජාබ් කින්ග්ස් පිල අතර ඊයේ දිනයේදී මුලන්පූර් හිදී පැවති තරගය බොහෝ දෙනෙකුට අතිශයින් උද්වේගකර අත් දැකීමක් උනා. මෙම තරගය ජය ගත් රෝයල් පිල ලකුණු 10 ක් ලබා ගත් අතර ඒ සමගින් ඔවුන් ලකුණු පුවරුවේ තුන් වන ස්ථානයට පැමිණීමට සමත් වුනා.

පවර් ප්ලේ ඕවර සමගින් ඉතා හොද ආරම්භයක් ලබා ගත් පන්ජාබ් පිල පලමු ඕවර හය තුලදී ලකුණු 62 ක් ලබා ගත් අතර ප්‍රාබ්සිම්රන් ඒ සදහා වැඩි දායකත්වයක් ලබා දුන්නා. නමුත් රෝයල් චැලෙන්ජර්ස් පිලේ වේග පන්දු යවන්නන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ අතර කෘනාල් පාන්ඩ්‍යා සහ සුයාශ් ශර්මා විකට් එක බැගින් ලබ ගත්තා. ඒ සමගින් මැදි ඕවර තුලදී ලකුණු ලබා ගැනීම පන්ජාබ් පිලට අපහසු වූ අතර භුවනේෂ්වර් කුමාර් සහ ජොෂ් හේසල්වුඩ් ගේ පන්දු හමුවේ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට පන්ජාබ් පිලට හැකි වුනේ නැහැ. ඒ අනුව අවසන් ඕවර හතර තුලදී ලකුණු 28 ක් පමණක් රැස් කල පන්ජාබ් පිලේ ඉනිම ලකුණු 157 කට සීමා වුනා.

ලකුණු 158 ක ඉලක්කයක් වෙනුවෙන් පීටියට පැමිණි රෝයල් චැලෙන්ජර්ස් පිලේ ආරම්භක පිතිකරුවා ෆිල් සෝල්ට් ඉතා ඉක්මනින් දැවී ගිය නමුත් ඉන්පසුව ප්ටීයට පැමිණි විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කාල් ලකුණු 103 ක සබදතාවයක් ගොඩ නගා ගමින් ඉතා හොද ඉනිමක් ගොඩ නැගීමට සමත් වුනා. එහිදී පඩික්කාල් පන්දු 35 කදී ලකුණු 61ක් රැස් කරගත් අතර ඒ ඔහු 2023 අයි පී එල් තරගාවලියෙන් පසුව ලබා ගත් පලමු අර්ධ ශතකයයි.

විරාත් කෝලි ඉතා හොදින් තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් අතර ඔහු තමන්ගේ විකට්ටුව ආරක්ශා කරගෙන පන්දු 54 ක් තුල ලකුණු 73 ක් රැස් කරගත්තා. මේ ඔහු අයි පී එල් තරගාවලිය තුල ලබා ගත් 67 වන අර්ධ ශතකයයි.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් පිල පන්දු 7 ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *