රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර ඊයේ දිනයේ ජේට්ලී ක්‍රීඩාංගනයේදී පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් පිල ජයග්‍රහණය ලබා ගත් අතර ඒ සමගින් ඔවුන් අයි පී එල් තරගාවලියේ පලමු ස්ථානයට ගමන් කිරීමට සමත් වුනා.
මුලින්ම පන්දු යැවීම තෝරාගත් රෝයල් චැලෙන්ජර්ස් පිල ඉතා හොදින් දක්ෂතා දැක් වූ අතර එහිදි භුවනේෂ්වර් කුමාර් ලකුණු 33 ක් තුල කඩුළු තුනක් දවා ගත් අතර ජොෂ් හේසල්වුඩ් ලකුණු 36 කට කඩුළු දෙකක් දවා ගත්තා. එමෙන්ම සුයාෂ් ශර්මා සහ කෘනාල් පාන්ඩ්‍යාද ඉතා හොදින් පන්දු යැවූ අතර අභිෂේක් පොරෙල් පන්දු 11 ක් තුලදී ලකුණු 28 ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 18 කදී ලකුණු 34 ක් ලබ ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් පිලේ අභියෝගය හමුවේ දිල්ලි කැපිටල්ස් පිලට ලබා ගැනීමට හැකි වුනේ කඩුළු 8 ක් දැවී ලකුණු 162 ක් පමණයි. ලකුණු 162 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි රෝයල් පිල කඩුළු තුනක් දැවී ලකුණු 26 ක් වැනි අසීරු ස්ථානයක රැදී සිටියත් ඉන්පසුව පිටියට පැමිණි කෘනාල් පාන්ඩ්‍යා පන්දු 47 ක් තුලදී ලකුණු 73 ක් සහ විරාත් කෝලි පන්දු 47 ක් තුල ලකුණු 51 ක් ලබා ගෙන ලකුණු 119 ක සබදතාවයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. මෙම ශක්තිමත් සබදතාවය සමගින් ඉන්පසුව පිටියට පැමිණි ටිම් ඩේවිඩ් තමන්ගේ වගකීම ඉතා හොදින් ඉටු කල අතර ඔහු පන්දු නවයක් ඉතිරිව තිබියදී තමන්ගේ පිල ජයග්‍රහණය වෙත ගෙන යන්නට සමත් වුනා