රාජස්තාන් රෝයල්ස් පිල (RR) සහ ගුජරාත් ටයිටන්ස් (GT) පිල අතර ඊයේ (28) වෙනිදා පැවති තරගය ප්රේක්ෂකයන්ගේ විශාල අවධානයක් ලැබුණු අතිශයින් විශේෂ අත්දැකීමක් සහිත තරගයක් බව්ට පත් වුනා. මේ තරගය මේ තරම් විශේෂ එකක් බව්ට පත් වුනේ රාජස්ථන් පිල වෙනුවෙන් ක්රීඩා කල සුපිරි තරුවම් වයිභාව් සූර්යවන්ෂී නිසායි.
සූර්යවන්ෂී ඊයේ දිනයේ සහභාගී වුනේ තමන්ගේ තුන්වන අයි පී එල් තරගාවලියටයි. පන්දු 38 ක් තුලදී ලකුණු 101 ක් වාර්තා කල ඔහු ඉතා අලංකාර විශිෂ්ඨ පහර රැසක් සමගින් විස්ස 20 තරගාවලියක ශතකයක් ලබා ගත් ලාබාලතම ක්රිඩකයා බවට පත් වුනා. එසේම මෙම ශතකය අයි පී එල් ඉතිහාසය තුල සැලකෙන්නේ ලබා ගත් දෙවන වේගවත්ම ශතකය ලෙසයි.
සූර්යවන්ෂී තමන්ගේ ඉනිම තුලදී හයේ පහර හයක් එල්ල කල අතර එය සැලකුනේ ඉන්දියානු ක්රීඩකයෙක් අයි පී එල් තරගයක් තුල වාර්තා කල වැඩිම හයේ පහර ප්රමාණය ලෙසයි. එසේම ඔහු හතරේ පහර කිහිපයක්ම එල්ල කල අතර ඔහු රැස් කරගත් ලකුණු 101 න්, 94 ක්ම හතරේ හෝ හයේ පහරවලින් ලබා ගත් ඒවායි. අන්තර්ජාතික තලයේ අති දක්ෂ පන්දු යවන්නන් වන මොහොමඩ් සිරාජ්, රශීඩ් ඛාන්, ඉෂාන්ත් ශර්මා සහ ප්රසීධ් ඛාන් වැනි අති දක්ෂ ක්රීඩකයන්ට ප්රබල අභියෝගයක් එල්ල කල ඔහු නොබියව තමන්ගේ පිත්ත මෙහෙයවීමට සමත් වුනා.
සූර්යවන්ෂී තමන්ගේ ඉනිම ආරම්භ කලේ යෂස්වි ජයිස්වාල් සමගින් වූ අතර ජයිස්වාල් ද පන්දු 40 ක් තුලදි ලකුණු 70 ක් ලබා ගත්තා. නමුත් පසුව ඔහු පවා සදහන් කර තිබුනේ සූර්යවන්ෂී තමන්ගෙන් තරගයේ ග්රහණය සම්පූර්ණයෙන්ම උදුරාගත් බව රහසක් නොවන බවයි.
රාජස්තාන් රෝයල්ස් පිලේ සූර්යවන්ෂී ඉනිම ආරම්භයේදීම හයේ පහරකින් තම ඉනිම ආරම්භ කල අතර විස්ස විස්ස ලොව විශිෂ්ඨ පන්දු යවන්නන් වන රශීඩ් ඛාන් පවා සූර්යවන්ෂීගේ පිත්ත හමුවේ අසරණ වුනා.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ගුජරාත් ටයිටන්ස් පිලේ සුබ්මන් ගිල් ඉනිම ආරම්භයේදීම ලකුණු 84 ක් ලබා ගත් අතර ජොස් බට්ලර් ලකුණු 50 ක් ලබා ගත්තා. ඔවුන් තමන්ගේ ඉනිම අවසන් කලේ කඩුළු හතරක් දැවී ලකුණු 209 ක් සහිතවයි.
කෙසේ වෙතත් සූර්යවන්ෂීගේ විශිෂ්ඨ ඉනිම සමගින් මෙම ලකුණු ඉලක්කය හබා ගිය රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 15.5 ක් තුලදී කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 212 ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කලේ ලකුණු 200 ට වඩා වැඩි ලකුණු ප්රමාණයක් හඹා ගොස් ජයගත් අතර එය හැදින්වුනේ අයි පී එල් ඉතිහාසයේ ලකූණු 200 ක ඉලක්කයක් හබා ගොස් ලබා ගත් වේගවත්ම ජයග්රහණය ලෙසයි.
කෙසේ වෙතත් ප්රේක්ෂකයින්, විචාරකයින් සහ මුළු මහත් ලෝකයේම අවධානය මේ වන විට සූර්යවන්ෂී වෙත යොමු වී ඇති අතර බොහෝ දෙනෙක් ඔහු සචින් තෙන්ඩුල්කාර් සමග සන්සන්දනය කිරීමට පටන් ගෙන තිබෙනවා. ඔහුගේ වයසට වඩා ඔහුට හිමී වී ඇති දක්ෂ සහ පරිණත භාවය සමග ඔහු අනිවාර්යෙන්ම ඉන්දීය ක්රිකට් පිලේ නිශ්චිත ස්ථානයක් හිමි කර ගනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.