පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර ඊයේ දිනයේදී පැවති තරගය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත් වුනා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් පිල ඉතා මන්දගාමී ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් කඩුළු දෙකක් බිද වැටී ලකුනු 22 ක් ලබාගෙන තරමක් අසීරු ස්ථානයක රැදි සිටියා. මෙම අවස්ථාවේ පිටියට පැමිණි රවීන්ද්‍ර ජඩේජා ලකුණු ලබා ගැනීමේ උත්සාහයක නිරත වූවත් ඔහු හයවන ඕවරයේදී දැවී ගියා.
ඉන්පසුව ප්ටියට පැමිනි සෑම් කුරාන්, මෙම තරගාවලියේ ක්‍රීඩා කරන හතරවන ඉනිම වෙනුවෙන් ක්‍රිඩා කිරීම ආරම්භ කල අතර ඔහු පන්දු 47 ක් තුලදි අගනා ලකුණු 88 ක් රැස් කලා. ඔහු පන්ජාබ් කින්ග්ස් පිලේ පන්දු යවන්නන්ට ඉතා හොද අභියෝගයක් ලබා දුන් අතර 16 වන ඕවරයේදී සූර්යාන්ශ් ශෙඩ්ජ් ගේ ඕවරයට ලකුණු 26 ක් ලබා ගත්තා. ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගේ සහයත් සමගින් ඔහු 16 වන ඕවරය වන විට තම කණ්ඩායම කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 160 දක්වා ඔසවා තබන්නට සමත් වුනා.
කෙසේ වෙතත් ඉන්පසුව පන්ජාබ් පිල වෙනුවෙන් පන්දු යැවීමට පැමිණි යුශ්වේන්ද්‍ර චහාල් 19 වන ඕවරයේදී පන්දු යැවීම සදහා කැදවූ අතර ඔහු යැවූ පලමු පන්දුවට එම් එස් දෝනි ලකුණු හයක් ලබා ගත් නමුත් ඊලග පන්දුවේදි දැවී ගියා. ඉන්පසුව අති දක්ෂ ලෙස පන්දු යැවූ චහාල් දීපක් හූඩා, අන්ෂුල් කාම්බෝජ්, නූර් අහමඩ් යන තිදෙනාම පිලිවෙලින් දවා ගැනීමට සමත් වුනා.
ඒ සමගින් බොහෝ දෙනෙක් ලකුණු 200 ඉක්මවා ලබා ගනු ඇති බවට විස්වාස කල චෙන්නායි පිලේ ලකුණු පුවරුව කඩුළු පහක් දැවී ලකුණු 184 සිට සියලුම දෙනා දැවී ලකුණු 190 ක් බවට පත් වුනා. ඒ ඔවුන්ගේ අවසාන කඩුළු පහම පන්දු හතක් තුලදී ලකුණු හයකට දැවී යාමත් සමගයි.
ඉන්පසුව පංජාබ් පිල මෙම ලකුණු සංඛ්‍යාව හබා යාම සදහා පිටියට පැමිණි අතර ප්‍රභාසිම්රන් සිංහ් සහ ප්‍රියාන්ෂ් ආර්යා ලකුණු 44 ක ආරම්භක සබදතාවයක් පවත්වාගෙන යාමට සමත් වුනා. ඉන්පසුව ආර්යාගේ දැවී යාමත් සමග ශ්‍රෙයාස් අයියර් පිටියට පැමිණි අත්‍ර එහිදී ඔහු ප්‍රභාසිම්රන් සමග එකතු වී ලකුණු ලබා ගැනීම ආරම්භ කලා.
ප්‍රභාසිම්රන් දැවී යාමෙන් පසුව තරගයේ වගකීම තමන්ගේ දෙවුර මතට ගත් අයියර් පන්දු 32 ක් තුලදී ලකුණු 50 ක් ලබා ගත් අතර ඔහු මහීෂ පතිරණගේ පන්දු තුනකට පිලිවෙලින් හයේ පහර දෙකක් සහ හතරේ පහරක් එල්ල කලා. එමෙන්ම ශශාන්ක් සිංහ් ද ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර අවසන් ඕවරය වන විට පංජාබ් කින්ග්ස් පිලට ලබා ගැනීමට තිබුනේ ලකුණු 10 ක් පමණයි.
කෙසේ වෙතත් අවසාන ඕවරයේදී පන්දු යැවූ බ්‍රෙවිස් ශෂන්ක් දවා ගත් අතර අයියර් වේගවත් පහර කිහිපයක්ම සදහා උත්සාහ කලත් ඔවුන්ට අවසාන පන්දු පහ තුලම ලබා ගැනීමට හැකි වුනේ ලකුණු දෙකක් පමණයි. ඒ අනුවප පන්දු තුනක් පමණක් ඉතිරිව තිබූ පසුබිමකදී මාර්කෝ ජැන්සෙන් හතරේ පහරක් සමගින් තරගයේ ජයග්‍රහණය පන්ජාබ් කින්ග්ස් පිල වෙත රැගෙන ඒමට සමත් වුනා.