අති දක්ෂ ඉස්ලාමාබාද් පිලට ලාහෝර් පිලෙන් ප්‍රබල අභියෝගයක්!

තරග 10 ක් තමන්ගේ අපරාජිත කිරුළ රැගෙන ආ ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල ඊයේ දිනයේදී ලාහෝර් කලන්ඩාර්ස් පිල අතින් පරාජයට පත් වුනා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල ඉස්ලාමාබාද් පිල, තමන්ගේ කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කර තිබුනා. මීට පෙර තමන්ගේ තරග රටාවට අවතීර්ණ නොවී සිටි මොහොමඩ් නීම් මෙම තරගය තුලදී ඉතා හොදින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණා. ෆකාර් සාමන් සහ නසීම් ශා ද ඉතා හොදින් ක්‍රීඩා කල අතර ඔවුන්ට පවර් ප්ලේ ඕවර අවසන් වන විට ලකුණු 67 ක් ලබා ගැනීමට හැකි වුනා.

ඉස්ලාමාබාද් පිලේ ඉමාද් වසීම් පමණක් ලාහෝර් පිලේ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කල අතර ඔහු ලකුණු 44 ක් ලබා සිටි ෆකාර් සහ අබ්දුල්ලා සෆීක් යන දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. මේ අතරේ ඩැරිල් මිචෙල් එක් ඕවරයක් තුලදී ලකුණු 18 ක් ලබා ගත් අතර සිකන්දර් රාසා 19 වන ඕවරය තුලදී ලකුණු 21 ක් සහ අවසාන ඕවරය තුලදී ලකුණු 16 ක් ලබා ගෙන මුළු ලකුණු සංඛ්‍යාව කඩුළු හයක් දැවී ලකුණු 209 දක්වා වැඩි කර ගැනීමට සමත් වුනා.

 මෙම ලකුණු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඉස්ලාමාබාද් පිලේ ශක්තිමත් සබදතාවයක් ගොඩ නගා ගත්තේ ඇන්ඩ්‍රියස් ගෞස් සහ සල්මාන් අඝා ගොඩ නගා ගත් ලකූනු 69 ක සබදතාවය පමණයි. නමුත් සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ අඝා දැවී ගිය අතර අසාම් ඛාන් ද හැරිස් රෞෆ් ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. 

ඉන්පසුව දිගින් දිගටම ක්‍රියාත්මක වුණු හැරිස්, ගෞස්ගේ විකට්ටුවත් දවා ගත් අතර ඒ සමගින් ඉස්ලාමාබාද් පිලේ අවසාන බලාපොරොත්තුවද අහිමි වී ගියා.

ඉනප්සුව රාසා තවත් විකට් දෙකක් ලබා ගත් අතර අවසානයේදි ඉස්ලාමාබාද් පිලේ සියලුම දෙනා ලකුණු 121 කට දැවී ගියා.

ඒ අනුව ලාහෝර් පිල ලකුණු 88 ක් තරම් විශාල ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කල අතර ඔවුන්ට ඒ සමගින් තරග ලකුණු පුවරුවේ දෙවන ස්ථානයට පැමිණීමට හැකි වුනා. තවමත් ඉස්ලාමාබාද් පිල ලකුණු ප්වරුවේ ඉහලම ස්ථනයේ රැදි සිටින අතර මෙම තරගය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *